එළවළු මිල පහතට

පසුගිය සති කිහිපය තුළම වෙළදපොළේ ඉහළ ගොස් තිබූ එළවළු මිල ගණන් මේ වන විට සියයට 50කින් පමණ පහත වැටී ඇති බව වෙළඳපොළ ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

මහ කන්නයේ එළවළු තොග වෙළදපොළට ලැබීමත් සමග මෙලෙස මිල ගණන් පහත වැටී ඇති බවයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු කිරීමේ ආයතනය සඳහන් කළේ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද දින එළවළු රැසක තොග මිල ගණන් පහත වැටී තිබෙනවා.

රුපියල් 230ත්, 280ත් අතර මිලක පැවති බෝංචි කිලෝවක් අද වන විට රුපියල් 100 දක්වා පහත වැටී තිබෙනවා.

මීට අමතරව කරවිල, වට්ටක්කා, පතෝල, කැකිරි, පිපිඤ්ඤා, කැරට් ආදී එළවළුවල මිල ගණන් ද පහත වැටී ඇති බවයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරණ භාරය සදහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44