spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

එළවළු මිල ඉහළ ගියාට ගොවීන්ට වාසියක් නෑ (වීඩියෝ)

කොළඹ ඇතුලු තදාසන්න ප්‍රදේශවල එළවළු මිල ඉහළ ගොස් ඇති පසුබිමක සිය අස්වනු සඳහා නිසි මිලක් තමන්ට නොලැබෙන බවට එළවළු ගොවීන් මැසිවිල නගනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ මේ වන විට වෙළෙඳපොලේ එළවළු මිල ඉතා ඉහළ අගයක පැවතුනද අතරමැදියන් පමණක් විශාල ලාභයක් උපයා ගැනීමට කටයුතු කර ඇති බවයි.

පසුගිය සති කිහිපයේ මෙන්ම අදත් දිවයිනේ ප්‍ර දේශ රැසක එළවළු මිල පැවතුනේ ඉහළ අගයකයි.

ඒ අනුව දඹුල්ල , නුවරඑළිය සහ තඹුත්තේගම යන ආර්ථික මධ්‍යස්ථානවලට රැගෙන ආ එළවළු වල අද දිනයේ මිල සටහන් වී තිබුණේ කැරට් කිලෝ ග්‍රෑම් 1ක් රුපියල් 2300ක් ලෙසයි.

එසේ වුවද තම අස්වනු අඩු මිලකට මිලදී ගැනීමට කටයුතු කරන බවයි එළවළු ගොවීන් චෝදනා කරන්නේ.

මේ අතර පවතින තත්ත්වය සම්බන්ධයෙන් නුවර එළිය ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතාද අදහස් පළ කළා.

මේ වන විට එළවළු මිල ඉහළ යාම හේතුවෙන් තවමත් දැඩි පීඩාවට පත්ව ඇත්තේ පාරිභෝගික ජනතාවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?