එහෙම දැනුමක් නැතුව රටක් පාලනය කරන්න බෑ

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පමණක් නොව රජයේ ඉහළ නිලධාරීන් එම තනතුරුවලට පත් වූ පසු ඔවුන් හමුවට මහජනතාව පැමිණීම වැළැක්වීමට ඔවුන් වටා එක්රොක්වෙන සීමිත පිරිස කටයුතු කරන බව රෝහිත රාජපක්ෂ මහතා පවසනවා.

එම පිරිස විසින් ඔවුන්ට සමාජය සමග සන්නිවේදනය කිරීම පවා නවතාලන බව යි ඔහු පෙන්වා දෙන්නේ.

එවිට නායකයින්ට ඇසෙන්නේ ලඟ ඉන්නා පිරිස පවසන දෙය පමණක් බවත් එම ගැටලුව වත්මන් ආණ්ඩුවේ දී මෙන්ම පසුගිය ආණ්ඩුවලදී ද පැවැති බවත් ඔහු සඳහන් කරනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ රූපවාහිනී වැඩසටහනක් හා එක්වෙමින්.

“මේ නායකයෝ පුටුවලට ආවට පස්සේ, ජනාධිපතිතුමා අගමැතිතුමා විතරක් නෙවෙයි, නිලධාරීනුත්  පුටුවලට ආවට පස්සේ ලං වෙන ක්ලෝස් සර්කල් එක තියෙනවානේ. ඒ ක්ලෝස් සර්කල් එක එළියෙ ඉන්න මිනිස්සුන්ට ලඟට එන්න දෙන්නෙ නෑ. කමියුනිකේෂන් එකක් තියන්න වෙන්නෙ නෑ. සමාජයත් එක්ක කතා කරන්න අවස්ථාවක් ලබා දෙන්නෙ නෑ. 

එතකොට ඒ කට්ටියට ඇහෙන්නේ අර ලඟ ඉන්න අය කියන දේවල් ටික විතරයි. මේක අපේ බාප්පලාට, තාත්තලාට, අයියලාට විතරක් සීමා වෙච්චි දෙයක් නෙවෙයි.  කලින් ආණ්ඩුවලත් එහෙමයි. 

මේ ක්ලෝස් සර්කල් එකෙන් ඇතුලට දෙයක් එන්න දෙන්නෙ නැත්තම්, ඒ කට්ටිය බ්ලයින්ඩ්ලි තමයි. ඒ කියන්නේ පණිවිඩයක් ඇතුළට ගේන්න බැරිනම් ඒ ක්ලෝස් සර්කල් එක කියන දේ විතරයිනේ අහන්නේ. 

ඒ කට්ටිය හරි පණිවිඩේ ඇතුළට දෙන්නෙත් නැත්නම්, එළියේ පණිවිඩයක් ඇතුළට එවන්න දෙන්නෙත් නැත්නම්, හරි වීව් එකක්, සමාජය මොන විදිහටද යන්නේ, මිනිස්සු හිතන විදිහ ගැන හරි දැනුමක් ලැබෙන්නෙ නෑ. ඉතින් එහෙම දැනුමක් නැතුව අපිට රටක් පාලනය කරන්න හෝ ඉදිරියට යන්න අමාරුයි”

මේ අතර සිය වැඩිමහල් සොයුරාවන නාමල් රාජපක්ෂ මහතා ක්‍රීඩාව පිළිබඳ දැනුමක් ඇති, ක්‍රීඩාව හඳුණන ක්‍රීඩකයෙකු බව රෝහිත රාජපක්ෂ මහතා පවසනවා.

මෙරට ක්‍රීඩා අමාත්‍ය ධූරය හෙබවීම සඳහා වඩාත් සුදුසුම පුද්ගලයා ඔහු බව යි රෝහිත රාජපක්ෂ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍ය ධූරය තමන්ට ලැබුණහොත්, තමා ක්‍රීඩකයින්ගේ මනස දියුණු කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ද ඔහු පවසා සිටියා.

මෙරට ක්‍රීඩාවේ අභ්‍යන්තරය තුළ ක්‍රීඩකයින් දැඩි මානසික පීඩනයක සිටින බව යි ඔහු පෙන්වා දෙන්නේ.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සම්බන්ධ වීමට තමා බලාපොරොත්තු නොවන බව රෝහිත රාජපක්ෂ මහතා පවසනවා.

ක්‍රිකට් ක්‍රීඩාවට සේවාවක් කිරීමට එහි පරිපාලනයට සම්බන්ධ වන්නට අවශ්‍ය නොවන බව ඔහු පෙන්වා දෙනවා.

තමන් ක්‍රිකට්වලට අමතරව තවත් ක්‍රීඩා රැසක් වෙත සම්බන්ධ වී ඇති බව ඔහු සඳහන් කරනවා.

කෙසේ වෙතත් මෙරට තුළ ජනප්‍රියතම ක්‍රීඩාව ක්‍රිකට් වීම නිසා සහ තමන් සිදුකරන අනික් ක්‍රීඩාවන් මෙරට තුළ එතරම් ජනප්‍රිය නොමැති නිසා තමන් ක්‍රිකට් ක්‍රීඩා කිරීම පිළිබඳ සමාජ මාධ්‍ය ආදියෙහි වැඩි වශයෙන් කතාබහට ලක්ව ඇති බවයි රාජපක්ෂ මහතා පවසන්නේ.

තමන් මෙරට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ අරමුණින් ක්‍රිකට් ක්‍රීඩා නොකරන බව ද ඔහු පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රසාද් සර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:30
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය - මුදල් අතුරුදන් - මිනිස්සුන්ට යකා නගියි
11:52
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් විපක්ෂයට ඇඩෙන්නම දෙයි
09:26
Video thumbnail
සජිත් ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - රැවටීම ගැන අපිට ලොකු වේදනාවක් තියෙනවා
06:34
Video thumbnail
රටේ ආරක්ෂාව වෙනුවෙන් ඥානසාර හිමි කට ඇරියේ - ඥානසාර හිමි ගැන පොහොට්ටුව කිව්ව දේ
06:28
Video thumbnail
ඥානසාර හාමුදුරුවන්ට ජනාධිපති සමාව ලබාදෙන්න
05:21
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ කියන්නේ අපේ පක්ෂයේ සාමාජිකාවක් නෙවෙයි - පොහොට්ටුව කට අරියි
10:39
Video thumbnail
සිවුර අස්සේ හැංගිලා හිටපු අය දැන් හාමුදුරුවන්ගේ සිවුර ගලවනවා
06:44
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37