එස්. බී. දකින රටේ වාසනාව

වසා තිබූ ඇඹිලිපිටිය කඩදාස කම්හල වසර නවයකට පසුව දේශීය ආයෝජකයෙක් සමඟ ගිවිසුම්ගතව ආරම්භ කිරීමට හැකිවීම රටේ වාසනාවක් බවත් වසා තිබෙන සියලුම දේශීය කර්මාන්ත නැවත ආරම්භ කරන බවත් කර්මාන්ත අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පැවසීය.

රුපියල් බිලියන 3.5 ක ආයෝජනයකින් නැවත ආරම්භ කළ ඇඹිලිපිටිය කඩදාස කම්හලෙන් රැකියා අවස්ථා 2000 ක් පමණ ඇති වන බව කී අමාත්‍ය එස්. බී. දිසානායක මහතා ශ්‍රී ලංකාවේ කර්මාන්ත ආරම්භ කිරීමට පළමුවෙන්ම දේශීය ආයෝජනයන්ට අවස්ථාව ලබාදෙන බව ද සඳහන් කළේය.

එම කර්මාන්ත ශාලාවේ වසරකට කඩදාසි මෙටි්‍රක්ටොන් 75,000 ක් දේශීය කඩදාසි අවශ්‍යතාව සැපයීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා කීය.

ඇඹ්ලිපිටිය කර්මාන්ත ශාලාව නැවත විවෘත කිරීමේ උත්වසයට සහභාගි වෙමින් අමාත්‍ය එස්. බී. දිසානායක මහතා එසේ පැවසීය.

මෙහිදී කර්මාන්ත අමාත්‍ය එස්. බී. දිසානායක මහතා හිටපු කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ගෙනගිය වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ස්තූතිය පළකිරීම ද කැපී පෙනුණි.

මෙම අවස්ථාවට ආචාර්ය ඕමල්පේ සෝභිත ස්වාමීන්වහන්සේ සහ කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් දයා රත්නායක, ජාතික කඩදාසි සමාගමේ සභාපති විමල් රූබසිංහ, කොරියන් ස්පා පැකේජින් සමාගමේ සභාපති අනුරුත් අබේරත්න සහ ඇඹිලිපිය ප්‍රාදේශීය සභාවේ සභාපති සුරන්ත වීරසිංහ යන මහත්වරු ද සහභාගි වූහ.  



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58