එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 65 වන ගුණානුස්මරණය අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ, දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 65 වන ගුණානුස්මරණය වෙනුවෙන් එතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම අද (26) දින උදෑසන සිදුවුණා.

එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් තිලංග සුමතිපාල යන මහත්වරු ඇතුළු පක්ෂයේ ඉදිරි පෙළ නායකයින් ඇතුළු ක්‍රියාකාරීන් රැසක් කොළඹ ගාලු මුවදොර පිහිටි බණ්ඩාරනායක පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්