spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

එලෝන් මස්ක් ඉන්දීය අගමැති මෝදි හමුවීමට ඉන්දියාවට

ටෙස්ලා ප්‍රධානී එලෝන් මස්ක් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවීමට ඉන්දියාවට පැමිණෙන බව ඔහුගේ සමාජ මාධ්‍ය වේදිකාව වන X හි සටහනක් තබමින් නිවේදනය කර තිබෙනවා.

මෙම හමුවේ දී ඔහු ඉන්දියාව තුළ සිය ප්‍රධාන ආයෝජන සැලසුම් ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තුවන බවයි වාර්තා වන්නේ.

පසුගිය මාසයේ දී ඉන්දියාව විසින් ගෝලීය මෝටර් රථ නිෂ්පාදකයින් සඳහා විද්‍යුත් වාහනවල ආනයන බදු කපා හැර තිබෙනවා.

කෙසේ වෙතත් ඉදිරි වසර තුන ඇතුළත ඩොලර් මිලියන 500 ආයෝජන සමගින් දේශීය මෝටර් රථ නිෂ්පාදනය ආරම්භ කිරීමට කටයුතු කරන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

මෙම හමුව අප්‍රේල් මස අවසන් සතියේ පැවැත්වීමට නියමිත අතර නවදිල්ලියේ පිහිටි ඉන්දීය අගමැති මෝදිගේ නිල නිවසේ දී එය පැවැත්වෙනු ඇති බවයි ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් බීබීසීයට පවසා තිබෙන්නේ.

ලබන අප්‍රේල් 19 වන දින සති හයක මැතිවරණ කාලයක් ඉන්දියාව ආරම්භ කරන අතර එලොන් මස්ක්ගේ මෙම සංචාරය ඡන්දය ප්‍රකාශ කිරීම අතරතුර සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ.

මැතිවරණය අතරතුර මෙම ටෙස්ලා ආයෝජන නිවේදනය අගමැති මෝදිගේ මැතිවරණ ජයග්‍රහණයකට ඍජු බලපෑමක් කරනු ඇතැයි විචාරකයින් පවසනවා.

කෙසේ වෙතත්, ටෙස්ලා සමාගම ඉන්දියාවට යාමට සැලසුම් කරන්නේ එය ඇමරිකාව සහ චීනයේ දුර්වල විකුණුම් සමඟ පොරබදමින් සිටින අවස්ථාවකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?