එලෝන් මස්ක් ඉන්දීය අගමැති මෝදි හමුවීමට ඉන්දියාවට

ටෙස්ලා ප්‍රධානී එලෝන් මස්ක් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවීමට ඉන්දියාවට පැමිණෙන බව ඔහුගේ සමාජ මාධ්‍ය වේදිකාව වන X හි සටහනක් තබමින් නිවේදනය කර තිබෙනවා.

මෙම හමුවේ දී ඔහු ඉන්දියාව තුළ සිය ප්‍රධාන ආයෝජන සැලසුම් ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තුවන බවයි වාර්තා වන්නේ.

පසුගිය මාසයේ දී ඉන්දියාව විසින් ගෝලීය මෝටර් රථ නිෂ්පාදකයින් සඳහා විද්‍යුත් වාහනවල ආනයන බදු කපා හැර තිබෙනවා.

කෙසේ වෙතත් ඉදිරි වසර තුන ඇතුළත ඩොලර් මිලියන 500 ආයෝජන සමගින් දේශීය මෝටර් රථ නිෂ්පාදනය ආරම්භ කිරීමට කටයුතු කරන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

මෙම හමුව අප්‍රේල් මස අවසන් සතියේ පැවැත්වීමට නියමිත අතර නවදිල්ලියේ පිහිටි ඉන්දීය අගමැති මෝදිගේ නිල නිවසේ දී එය පැවැත්වෙනු ඇති බවයි ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් බීබීසීයට පවසා තිබෙන්නේ.

ලබන අප්‍රේල් 19 වන දින සති හයක මැතිවරණ කාලයක් ඉන්දියාව ආරම්භ කරන අතර එලොන් මස්ක්ගේ මෙම සංචාරය ඡන්දය ප්‍රකාශ කිරීම අතරතුර සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ.

මැතිවරණය අතරතුර මෙම ටෙස්ලා ආයෝජන නිවේදනය අගමැති මෝදිගේ මැතිවරණ ජයග්‍රහණයකට ඍජු බලපෑමක් කරනු ඇතැයි විචාරකයින් පවසනවා.

කෙසේ වෙතත්, ටෙස්ලා සමාගම ඉන්දියාවට යාමට සැලසුම් කරන්නේ එය ඇමරිකාව සහ චීනයේ දුර්වල විකුණුම් සමඟ පොරබදමින් සිටින අවස්ථාවකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14