එල්-නිනෝ තත්ත්වය ගැන සොයා බලන්න පත්කළ විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව දෙවන වරටත් රැස්වෙයි

එල්-නිනෝ තත්ත්වය හමුවේ ගත යුතු පියවර සොයා බැලීමට පත්කළ විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව දෙවැනි වරටත් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (20) පස්වරුවේ රැස් වුණා.

පරිසර අමාත්‍යවරයාගේ සභාපතීත්වයෙන් රැස් වූ මෙම විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව විසින් ඉදිරියේදී ඇති වන එල්නිනෝ දේශගුණික බලපෑමට මුහුණ දීම සඳහා ගත යුතු පියවර පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

මේ වන විට ලෝකයට එල්නිනෝ තත්ත්වයක් ඇති විය හැකි අවධානම 81%ක් බවට ලෝක කාලගුණික විද්‍යා සංවිධානය පුරෝකථනය කර තිබෙන බවත්, ඒ අනුව සමාජයීය වශයෙන් සෘජුවම බලපෑමට ලක්විය හැකි කෘෂිකර්මාන්තය, ආහාර සුරක්ෂිතතාවය, වැවිලි ක්ෂේත්‍රය, ජල කළමනාකරණය, බලශක්ති යන අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් මෙහිදී අවධාරණය කෙරුණා.

ඒ, අනුව එක් එක් අංශවලට අයත් රාජ්‍ය ආයතන විසින් එල්නිනෝ තත්ත්වයකට මුහුණ දීමට කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීනව සකස් කළ ක්‍රියාකාරී සැලැස්ම මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වුණා.

එල්නිනෝ තත්ත්වය සම්බන්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථන කෙරෙහිද මෙහිදී අවධානය යොමු වූ අතර, බලපෑමකට ලක්වන අංශවලට අවශ්‍ය විසඳුම් සකස් කිරීමට අදාළ යෝජනා සම්බන්ධව ද මෙහිදී වැඩිදුරටත් අවධානය යොමු වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48