spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

එල්ල වන චෝදනාවලට ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ගෙන් පිළිතුරු

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණ නඩු විභාගවලදී අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටින බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඊයේ (23) කොළඹ පැවති උත්සවයක් අමතමින් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කියා සිටියේ පොලිස්පති ධූරයට දූෂණ චෝදනා නොමැති පුද්ගලයෙකු පත් කරන ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් ඉල්ලා සිටි බැවින් මෙවැනි චෝදනා එල්ලවන බවයි.

එම සිදුවීමෙන් පසුව, නඩු විභාගවලදී අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටින බවට නීතිඥවරුන්ට ඇතැම් පිරිස් චෝදනා කරන බව ද ඔහු සඳහන් කරනවා.

ආයතනික ප්‍රශ්න නීතිය අවභාවිත කිරීමට හේතු වන බව පෙන්වා දුන් ජනාධිපති නීතීඥ සාලිය පීරිස්, ශ්‍රී ලංකාවේ බලය අයුතු ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් ඉහළින්ම සිටින්නේ පොලිසිය බව ඔප්පු වී ඇති බවත්, ඊට අදාළ බහුවිධ නඩුවලින් ඒ බව සනාථ වන බවත් ප්‍රකාශකළා.

අපරාධකරුවෙකු වේවා, ඉහල නිලධාරියෙකු වේවා, මහජනතාව වේවා ඕනෑම අයෙකුට අධිකරණයේදී තම ගැටළු විසඳීමට නීතීඥයින්ගේ සහ නීතිඥවරුන්ගේ සහය අවශ්‍ය වන අතර එවැනි අවශ්‍යතා ඇති පුද්ගලයින් වෙනුවෙන් පෙනී සිටිමින් නීතීඥයින් සහ නීතීඥයින් කටයුතු කරන්නේ එම හේතුවෙන් බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියේ.

පුද්ගලයෙකුගේ ජීවිතය තීරණය කිරීමට පොලිස් නිලධාරියෙකුට ඉඩ දිය යුතු ද යන්න ප්‍රශ්න කළ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කියා සිටියේ සමාජ මාධ්‍ය මගින් නීතිඥවරුන්ට බලපෑම් සිදු නොවන අතර, ඔවුන්ගේ තම කාර්යය දිගටම කරගෙන යන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?