spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

එරෝෆ්ලොට් යළි ශ්‍රී ලංකාව බලා පියාඹයි

පසුගිය සමයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් එරෝෆ්ලොට් ගුවන් සේවා අද (09) දිනයේ සිට යළි කොළඹ සහ මොස්කව් අතර ආරම්භ කරන බව වාර්තා වනවා.

ඒ, අනුව සෑම සතියකම බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනවල මෙම ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

එමෙන්ම නොවැම්බර් මාසයේ සිට සතියකට දෙරට අතර ගුවන් ගමන් 04ක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරෙනවා.

අධිකරණ නියෝගයක් මත එරෝෆ්ලොට් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් මෙරට තුළ රඳවා තබා ගැනීමේ සිද්ධියට විරෝධය පා එම ගුවන් සේවය මීට මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?