spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

එරෝෆ්ලොට් ගුවන් සමාගම ශ්‍රී ලංකාවට කොළ එළි දල්වයි

එරෝෆ්ලොට් ගුවන් සමාගම කොළඹ සහ මොස්කව් අතර ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට තමන් කැමැත්තෙන් සිටින බව රුසියානු ගුවන් සේවා බලධාරීන් පවසා තිබෙනවා.

එම සමාගම පවසන්නේ නැවත රුසියානු ගුවන් යානා රඳවා නොගන්නා බවට ශ්‍රී ලංකා රජයෙන් සහතිකයක් අවශ්‍ය බවයි.

ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් ලැබෙන සහතිකය මත යළිත් වරක් ගුවන් ගමන් ආරම්භ කිරීමට සබන්ධයෙන් සලකා බලන බවයි එම සමාගම වැඩි දුරටත් පවසන්නේ.

එරෝෆ්ලොට් ගුවන් සමාගමේ ගුවන් යානයක් කොළඹ වාණිජ මහාධිකරණයේ වාරණ නියෝගයක් මත කටුනායක ගුවන් තොටුපොළේ රඳවා ගැනීම හේතුවෙන් එම සමාගම ශ්‍රී ලංකාවට සිදුකරන ගුවන් ගමන් නවතා දමනු ලැබුවා.

කෙසේ වෙතත් නීතිපතිවරයා පසුව ගොනු කළ මෝසම සලකා බැලීමෙන් අනතුරුව වාරණ නියෝගය පසුගිය 06 වනදා අත්හිටු වීමටයි අධිකරණය නියෝග කළේ.

ඉන් අනතුරුව පසුගිය දෙවැනිදා සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ නවතා තිබූ එරෝෆ්ලොට් ගුවන් සමාගමට අයත් එයාර්බස් A330-300 ගුවන් යානයට 06 වනදා පස්වරුවේ ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?