එයාර් කැනඩා ගුවන් සේවිකාවන්ගේ වර්ජනය අවසන්

කැබින් කාර්ය මණ්ඩලය සිදුකළ වර්ජනය අවසන් වීමෙන් පසු එයාර් කැනඩා ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නව කොන්ත්‍රාත්තුවක් සම්බන්ධයෙන් මාස ගණනාවක් තිස්සේ පැවති සාකච්ඡාවලින් පසුව, 1985 වසරෙන් පසු පළමු වරට එයාර් කැනඩා ගුවන් සේවයේ කැබින් කාර්ය මණ්ඩලය දහස් ගණනක් සෙනසුරාදා සිය රැකියාවෙන් ඉවත් වුණා.

මෙම තත්ත්වය සැලවීමත් සමඟ ගුවන් සේවය සිකුරාදා ගුවන් ගමන් අවලංගු කිරීම ආරම්භ කළ අතර, සංචාරකයින් 100,000 කට වැඩි පිරිසකට විකල්ප සොයාගැනීමට හෝ රැඳී සිටීමට ඒ අනුව සිදුවුණා.

දෛනික ගුවන් ගමන් 700 ක් පමණ අත්හිටුවීමට හේතු වූ කැබින් කාර්ය මණ්ඩල වැඩ වර්ජනයක් අවසන් කිරීමට කැනේඩියානු කාර්මික සබඳතා මණ්ඩලය විසින්, එරට රැකියා අමාත්‍ය පැටී හජ්ඩුගේ නියෝගයක් මත ක්‍රියා කිරීමෙන් පසු අද දිනයේ ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට එයාර් කැනඩා ගුවන් සේවය සැලසුම් කර තිබෙනවා.

ගුවන් සේවය සඳහන් කළේ ඉරිදා පස්වරුවේ ගුවන් ගමන් නැවත ආරම්භ කරන නමුත්,කාලසටහන ස්ථාවර වී සාමාන්‍ය තත්ත්වයට පත්වන විට ඉදිරි දින 07 සිට 10 දක්වා කාලය තුළ ඇතැම් ගුවන් ගමන් අවලංගු කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46