එයාර්පෝට් ව්‍යාපෘතියක රුපියල් මිලියන 344.5ක වියදම අනාර්ථික වීමක් – කෝප් කාරක සභාව

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියට අදාළව මගී ධාරිතාව මිලියන 6 සිට 12 දක්වා වැඩි කරගැනීමට 2007 වසරේ දී සිදු කළ සැලසුම වෙනුවට එම ධාරිතාව මිලියන 15 දක්වා වැඩි කිරීමට නැවත 2013 වසරේදී සැලසුම් සකස් කිරීම හේතුවෙන් ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා)(පෞද්ගලික) සමාගම (AASL) පළමු සැලසුම සඳහා වැය කර තිබු රුපියල් මිලියන 344.5ක වියදම අනාර්ථික වූ බවට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දී (කෝප්) අනාවරණය වුණා.

මෙම සැලසුම් හා උපදේශන සේවා ලබාගැනීම සඳහා ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා)(පෞද්ගලික) සමාගම විසින් 2007 වර්ෂයේදී ජපන් හවුල් සමාගමක් තෝරාගෙන තිබූ බවයි පැවසෙන්නේ.

මේ පිළිබඳ අනාවරණය වුයේ සීමාසහිත ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා)(පෞද්ගලික) සමාගමට (AASL) අදාළව 2022 සහ 2023 වර්ෂයේ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් 2025.04.02 දින
පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

සැලසුම නැවත ප්‍රතිනිර්මාණය කිරීමට පෙර සමාගම සමඟ 2014 වර්ෂයේ ගිවිසුම් අත්සන් කරනු ලැබූව ද සීමාසහිත ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා)(පෞද්ගලික) සමාගම විසින් විවිධ අවස්ථාවන්හී සැලසුම් වෙනස් කරමින් ගිවිසුම් සංශෝධනය කිරීම හේතුවෙන් මුලික උපදේශන සේවා ගාස්තුවට අමතරව අමෙරිකානු ඩොලර් 178,589ක්, ජපන් යෙන් මිලියන 1, 612.4ක්, සහ රුපියල් මිලියන 808.6ක් ගෙවීමට සිදුව තිබු අතර ගිවිසුම් කාල සීමාව මාස 47 සිට මාස 131 දක්වා තවත් අවුරුදු 7කින් දීර්ඝ වී තිබු බවට ද කාරක සභාවේදී අනාවරණය වුණා.

2014 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා සැලසුම් සහ උපදේශන ගාස්තුව ලෙස රුපියල් මිලියන 3,884.8 ක මුදලක් මෙම උපදේශක සේවා සමාගමට ගෙවා තිබීම මහජන මුදල් අවභාවිතා කිරීමක් බව කෝප් කාරක සභාව අවධාරණය කරනු ලැබුවා.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියට අදාළ ව දුරස්ථ ව පිහිටි ගුවන් යානා හැසිරවීමේ කොටස හා ටැක්සි මාර්ගය (Remote Apron and Taxiways) ඉදිකිරීමේ කටයුතු සිදු කරනු ලබන අතර මෙමගින් ගුවන් තොටුපොළ සතුව පවතින ගුවන්යානා නැවතුම් සංඛ්‍යාව වැඩි කිරීමට අපේක්ෂා කර තිබුණා.

ඒ සඳහා හසාමා (HAZAMA) ඉදිකිරීම් සමාගම වෙත මාස 30ක කාල සීමාවක් සඳහා රුපියල් මිලියන 6,117.8 ක මුදලකට මෙම ව්‍යාපෘතිය ලබා දී තිබුනද, එහි වැඩකටයුතු අවසන් වන විට රුපියල් මිලියන 766.8ක මුදලක් වැඩිපුර ගෙවා ඇති බවට කෝප් කාරක සභාවේ අවධානය යොමු වුණා.

එය එසේ වුව ද, මෙහෙයුම් හා සම්බන්ධ ගැටලුවක් හේතුවෙන් එය භාවිතා කළ නොහැකි බවට සීමාසහිත ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම නියෝජනය කරමින් පැමිණ සිටි නිලධාරීන් පැවසු අතර එය එසේ භාවිතා කල නොහැකි නම් හසාමා (HAZAMA) ඉදිකිරීම් සමාගම වැඩ අවසන් යයි සඳහන් කොට බාර දුන් එම ව්‍යාපෘතිය කිසිඳු පසුවිපරමකින් තොරව බාර ගැනීමේ තාර්කික පදනම කුමක්දැයි කාරක සභාව ප්‍රශ්න කරනු ලැබුවා.

මෙහිදී අනාවරණය වුයේ සීමාසහිත ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා)(පෞද්ගලික) සමාගම විසින් කිසිඳු තාක්ෂණික හෝ මෙහෙයුම් විග්‍රහයකින් තොරව මෙම කටයුතු සිදුකර තිබෙන බවත්, බලාපොරොත්තු වූ අරමුණු ප්‍රායෝගිව සාක්ෂාත් කරගැනීමට මේ ව්‍යාපෘතිය හරහා කළ නොහැකි බවත් නිලධාරීන් හට අවබෝධ වී ඇත්තේ ව්‍යපෘතිය අවසානයේ බවත් ය.

මේ නොසැලකිලිමත් ක්‍රියාකලාපය හේතුවෙන් රජයට සිදුව ඇති පාඩුව සම්බන්ධයෙන් කාරක සභාවට වෙත වාර්තා කරන කරන ලෙසට පැමිණ සිටි නිලධාරීන් හට නිර්දේශ කරනු ලැබුවා.

මෙම කාරක සභා රැස්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සමන්මලී ගුණසිංහ, කෝසල නුවන් ජයවීර, ධර්මප්‍රිය විජේසිංහ, අසිත නිරෝෂණ එගොඩ විතාන, චන්දිම හෙට්ටිආරච්චි, නීතිඥ නිලන්ති කොට්ටහච්චි ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන් එක් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයට නායකත්වයක් නැද්ද ?..සියළුම දේශපාලන පක්ෂවල අය නායකයෝ
02:40
Video thumbnail
මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට..විපක්ෂය ආණ්ඩුවට අකුල් හෙලන එක නවත්තන්න ඕනි
02:58
Video thumbnail
උතුරේ ආණ්ඩුකාරවරයා අධිකරණයට බලපෑම් කරනවා..අපේ කොන්දේසිවලට IMF එක ආවා මිසක් අපි ගියේ නෑ
09:08
Video thumbnail
අපේ රටට ඕනිවෙලා තියෙන්නේ ධර්මාධිකරණයක් නෙවෙයි සංඝාධිකරණයක්..
13:35
Video thumbnail
හර්ෂ තෙල් මිල වැඩි වෙනවා කියද්දි ජනපති එතනින් යයි
00:57
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති වෙච්ච අකරතැබ්බයක් ගැනත් හෙළිකරයි - ලියාපදිංචි නොවී දන්සල් දෙන්න බෑ
10:34