එමිල් කාන්තන් ත්‍රස්තවාදී අසාදු ලේඛනයෙන් ඉවත් කරමින් ගැසට් නිවේදනයක්

ත්‍රස්තවාදය හා සම්බන්ධ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වූ බවට එල්ලවූ චෝදනා හේතුවෙන් අසාදු ලේඛනගත කර සිටි රමේෂ් හෙවත් නික්ලාපිල්ලෛ ඇන්තනි එමිල් ලක්ෂ්මි කාන්තන් සහ මුරුගේසු ශ්‍රී සන්මුගරාජා නමැති තවත් අයෙකු එම ලැයිස්තුවෙන් ඉවත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම ගැසට් පත්‍රය ඔක්තෝබර් 23 දාතමින් නිකුත්කර ඇති අතර, නිසි බලධරයා වශයෙන් ඊට අත්සන් තබා ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කමල් ගුණරත්නයි.

1968 අංක 45 දරන එක්සත් ජාතීන්ගේ පනත අනුව කරන ලද අසාදු ලේඛන ලැයිස්තු සංශෝධනයට අදාළව මෙම ක්‍රියාමාර්ගය ගත් බව අදාළ ගැසට් පත්‍රයේ සඳහන් කර තිබෙනවා.

2014 වසරේ පෙබරවාරි මස 25 වන දා එමිල් කාන්තන් ත්‍රස්තවාදී අසාදු ලේඛනයට ඇතුළත් කෙරුණු අතර, ඊට අදාළ 1854/41 අංකය දරන ගැසට් පත්‍රය 2014 මාර්තු 21 වන දින නිකුත් කරනු ලැබුවා.

1976 වසරේ දෙසැම්බර් 19 වන දා උපත ලැබූ එමිල් කාන්තන් වවුනියාවේ චෙප්පම්කුලම් ප්‍රදේශයේ පදිංචිව සිටි බව, ඔහු අසාදු ලේඛනයෙන් ඉවත් කළ බවට දැනුම් දෙන ගැසට් නිවේදනයේ සඳහන්.

ඔහුගේ පුරවැසිභාවය ‘ලැබී නොමැත’ යනුවෙන් සටහන් කර තිබුණ ද, ශ්‍රී ලංකාවේ විදෙස් ගමන් බලපත්‍රයක මෙන් N අක්ෂරයෙන් ආරම්භ වන අංකයක් සහිත විදෙස් ගමන් බලපත්‍රයක් ඔහුට හිමි බවයි වාර්තා වන්නේ.

ඔහු අසාදු ලේඛනගත කිරීමට ‘ත්‍රස්තවාදය හා සම්බන්ධ ක්‍රියාකාරකම්’ හේතු වී තිබෙනවා.

එමිල් කාන්තන් යනු අවස්ථා ගණනාවක දී මාධ්‍ය ඔස්සේ මෙන් ම සමාජ මාධ්‍ය ඔස්සේ ද කරළියට පැමිණි 2010 වසරේ දී ජාත්‍යන්තර පොලිසිය විසින් රතු වරෙන්තු නිකුත් කරන ලද සැකකරුවෙක්.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ උතුරු නැගෙනහිර මූල්‍ය අංශ ප්‍රධානියා ලෙස එමිල් කාන්තන් කටයුතු කළ බවට මාධ්‍ය වාර්තාවල සඳහන්. .

එමෙන් ම, අපරාධ ක්‍රියාවලට සහාය වීම්, මූල්‍ය වංචා ආදී නීතිවිරෝධී ක්‍රියා කිහිපයක් සම්බන්ධයෙන් ද ඔහු චෝදනා ලබා තිබෙනවා.

කළුතර බන්ධනාගාරය තුළ දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්දාට පහර දී බරපතළ තුවාල සිදුකර මරා දැමීමට තැත් කළ බවට ඔහු ඇතුළු තවත් 16 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබුණා.

එම නඩුවෙන් ඔහු ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකු නිදහස් කිරීමටයි 2017 වසරේ ඔක්තෝබර් මස 30 වන දා කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ නියෝග කළේ.

සුනාමියෙන් හා යුද්ධයෙන් පීඩාවට පත් උතුරු නැගෙනහිර ජනතාවට නිවාස ඉදිකර දීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් ‘රාඩා’ ආයතනය වෙත නිකුත් කළ රුපියල් කෝටි 17කට ආසන්න මුදලක් අවභාවිතා කළ බවට විභාග වූ නඩුවේ එමිල් කාන්තන් ද විත්තිකරුවෙකු වුණා.

පසුව, 2020 වසරේ ජූලි මාසයේ දී කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි විසින් ඔහු නිදහස් කරනු ලැබුවා.

එමිල් කාන්තන් ‘ත්‍රස්තවාදී අසාදු ලේඛනයෙන්’ ඉවත් කිරීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමක දී, ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ කර්නල් නලින් හේරත් ප්‍රකාශ කර ඇත්තේ ත්‍රස්තවාදී අසාදු ලේඛනයෙන් ඉවත් කිරීම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් අනුගමනය කෙරෙන බවයි.

“සාමාන්‍යයෙන් අසාදු ලේඛනයේ සිටින පුද්ගලයින්ගේ ක්‍රියාකාරකම් සහ ඔවුන්ට එරෙහි චෝදනා සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් විමසා බැලීමක් සිදුවෙනවා. ඊට අමතරව ත්‍රස්ත ක්‍රියා සම්බන්ධ චෝදනා තියෙනවා නම් පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ විමර්ශනයකින් ඔහුව නිදහස් කළ යුතු යි. ඒ වගේ ම ඔහු අසාදු ලේඛනයෙන් ඉවත් කළත් දිගට ම ඔහු සම්බන්ධයෙන් අපි නිරීක්ෂණය කරනවා. “සන්මුගරාජා කියන කෙනා දැන් ජීවතුන් අතර නෑ,”

එසේම, ත්‍රස්තවාදී චෝදනා මත අසාදු ලේඛනගත කර සිටි හෙයින් එමිල් කාන්තන් සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශනයක් සිදුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කර තිබෙනවා.

2355 07 S scaled
  1. PATTA KOTI HONDHA WENWA. UNWA AYIN KARANNA RATA WENUWEN JEEWITHA PARITHAYAGAEN SATAN KALA HAMUDAWALA KOLLO KELLO MANAWA HIMIKAM KADA KALA KIYALA UNHR AWURUDU 14 THISSE NANAWA. UNTA PENNE NAHE POTTAWELA ISRAEL AHINSAKA PALASTHEENUWAK HEMADAMA AIR STRIKE 300 GANAK KARALA BUILDING WALATAMA YATA KARALA AMU AMUWE MARA DANA EKA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22