එමිරේට්ස් සමාගමෙන් සේවකයන්ට බෝනස්

Emirates Group ගුවන් සමාගම සිය වඩාත් ලාභදායී වසර ප්‍රකාශයට පත් කර පැය 24කටත් අඩු කාලයකදී 100,000කට අධික සේවකයන්ට සති 24ක ප්‍රසාද දීමනාවක් ලබා දීමට පොරොන්දු වී තිබෙනවා.

කෙසේවෙතත් එමිරේට්ස් සමාගම මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර ඇති අතර කාර්ය මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකු විදෙස් මාධ්‍ය වෙත තහවුරු කර ඇත්තේ ඔවුන්ට මේ සම්බන්ධයෙන් ඊමේල් ලැබී ඇති බවයි.

එමිරේට්ස් එයාර්ලයින් සහ සමූහ ව්‍යාපාරයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ෂෙයික් අහමඩ් බින් සයීඩ් අල් මක්ටූම් එම සේවකයින්ට දන්වා ඇත්තේ මෙම ප්‍රසාද දීමනාව මැයි මස වැටුප සමග ලැබෙන බවයි.

පසුගිය බ්‍රහස්පතින්දා Emirates සමාගම සිය 2022-23 වාර්ෂික වාර්තාව නිකුත් කළ අතර වාර්තාගත වාර්ෂික ලාභය Dh10.9 (US$ බිලියන 3.0) වාර්තා කර තිබෙනවා.

මෙමගින් පසුගිය වසරේ සමාගමේ අලාභ තත්ත්වය සම්පූර්ණයෙන් පියවා ගැනීමට හැකි බවටයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56