එප්පාවල අතුරුදන් දරුවා ගැන තවමත් තොරතුරක් නැහැ

එප්පාවල පොලිස් වසමේ කිරලෝගම, ගැටදිවුල ප්‍රදේශයේ පදිංචි 9 හැවිරිදි පිරිමි දරුවකු රවටා පැහැර ගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් දින 4ක් ගතවී ඇතත් මෙතෙක් එම දරුවා සම්බන්ධයෙන් හෝ පැහැර ගැනීම සිදු කළ පුද්ගලයා සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් සොයා ගැනීමට හැකි වී නැහැ.

මෙලෙස පැහැර ගැනීමට ලක්ව ඇත්තේ අංක 16, ගැටදිවුල, කිරලෝගම ලිපිනයේ පදිංචි පී.කේ දෙනෙත් ගෞරව ප්‍රේමසුන්දර නම් නව හැවිරිදි පිරිමි දරුවෙක්.

ඔහු කිරලෝගම සුබෝධි මහා විද්‍යාලයේ සිව් වන වසරේ ඉගෙනුම ලබන සිසුවෙක්.

මෙම සිසුවා එම ප්‍රදේශයේ විදුලි කාර්මික ශිල්පි ආයතනයක් පවත්වාගෙන ගිය විදුලි කාර්මික ශිල්පියකු සමඟ සමීප ඇසුරක් තිබූ අතර, අදාළ විදුලි කාර්මිකයා දරුවා රවටා පැහැර ගෙන යන්නට ඇති බවට සැක කරන බවටයි දරුවාගේ දෙමාපියන් එප්පාවල පොලීසියට පැමිණිලි කර ඇත්තේ.

පසුගිය (19) රාත්‍රි 8.30න් පමණ පසුව දරුවා නිවසේ නොමැති බවට දැන ගෙන සොයා බැලූවද ඊයේ (22) පස්වරුව වන විට දින හතරක් ගත වී ඇතත්, දරුවා සම්බන්ධයෙන් තොරතුරක් නොලැබුණ බව දරුවාගේ මව වන පුෂ්පා මල්කාන්ති ප්‍රකාශ කළා.

දරුවා පැහැරගෙන ගිය බවට සැක කරන ඇස්වැද්දුමේ අසේල ප්‍රියන්ත නම් 45 හැවිරිදි විදුලි කාර්මිකයා සන්තකයේ දරුවා සිටින පොලිසිය අනාවරණය කර ගෙන තිබෙනවා.

අදාළ විදුලි කාර්මිකයා පැහැරගත් දරුවා ද සමඟ පසුගිය (19) වැනි දින නාවුල හා මාතලේ ප්‍රදේශයේ ඔහුගේ සහෝදරයකුගේ හා සහෝදරියකගේ නිවෙස් දෙකකට ගොස් පසුදින (20) අලුයම එම නිවසකින් දරුවා ද රැගෙන ගොස් ඇති බවටයි තොරතුරු අනාවරණය කර ගෙන ඇත්තේ.

සැකකරුට අයත්, YI- 1752 දරණ රතු පැහැති ත්‍රී රෝද රථයෙන් දරුවා පැහැර ගෙන ගොස් ඇති බවට ද පොලිසිය අනාවරණය කර ගෙන තිබෙනවා.

ඔහුගේ දුරකථන අංකයට ලැබුණු ඇමතුම් මෙන්ම, ඔහුගේ සමීපතමයන් රැසකගෙන්ද ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

දරුවාගේ මව වන පුෂ්පා මල්කාන්ති මහත්මිය තම දරුවා අතුරුදන්වීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළකලා..

පහුගිය 19 වැනිදා පුතා අතුරුදන් වුණාට පස්සේ අදට (22) දවස් 04 ක් වෙනවා තවම තොරතුරක් නෑ, හොයනවා හැම තැනකම, අනේ රත්තරන් පුතේ මට ඔයා නැතිව මේ ගෙදරට වෙලා ඉන්න බෑ, පුතා හවසට සෙල්ලම් කරලා චණ්ඩියෙක් වගේ අම්මේ කියාගෙන ගෙදරට එන හැටි මතක් වෙන කොට මට ඉන්න බෑ, මං එයාගේ ෆොටෝ ලඟ තියාගෙන බල බලා ඉන්නේ හැම වෙලාවකම, කොයි වෙලාවක හරි පුතා එයි කියලා ගෙදරට, කොයි වෙලාවකට හරි මගේ රත්තරන් පුතා මට කථා කරයි කියලා මං බලාගෙන ඉන්නවා.

මගේ පුතා හොඳින් ඉන්නවා කියලා මං දන්නවා, මගේ දරුවා ගෙනියපු කෙනාගෙන් මං ඉල්ලන්නේ මගේ දරුවාව මට දෙන්න, මට ඕන මගේ දරුවා විතරයි, මට දරාගන්න බෑ මගේ දරුවා මතක් වෙන කොට, මගේ දරුවා ආපහු එවන්න පිං සිද්ධ වෙනවා.
මගේ පුතේ ඔයා ඉන්න තැනකින් මට කථා කරන්න, මට ඔයාගේ කට හඬ හරි අහන්න ඕන මගේ පුතේ, මට ඔයා නැතිව පපුව පැලෙන්න එනවා, මං හොඳින් ඉන්නවා කියලා කියන්න ඉන්න තැනකින් මගේ පුතේ, මං වැඳලා කියන්නේ මගේ දරුවා ගෙනියපු කෙනාට එයාට කිසිම කරදරයක් කරන්නේ නෑ අපි.. මගේ දරුවා මට දෙන්න”

අතුරුදන් දරුවාගේ එකම සොයුරිය..

මල්ලි නැතිව මේ ගෙදර පාලුයි,අම්මා තාත්තා, මං ගොඩක් දුකින් ඉන්නේ, අනේ මල්ලි ඉක්මනට එන්න, මට ඔයා එක්ක සෙල්ලම් කරපු හැටි, රණ්ඩු වුණ හැටි මතක් වෙද්දී ඉන්න බෑ, මල්ලිව ගෙනියපු කෙනාට කියන්නේ අනේ අපිට මල්ලිව ඉක්මනට ගෙනත් දෙන්න”

පොලිස් කණ්ඩායම් කීපයක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18