එප්පාවලටම කුඩු සහ නීති විරෝධී මත්පැන් බෙදූ ‘දෝණි’ අල්ලයි

එප්පාවල ඇතුළු අවට ප්‍රදේශ රැසකට දිගු කාලයක සිට නීති විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාවාරමක නිරතව සිටි ‘දෝණි’ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය ද සමඟ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එප්පාවල, පත්කොළවැටිය ප්‍රදේශයේ පදිංචි දියණියන් දෙදෙනෙකු සිටින මවක්.

සැකකාර කාන්තාව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ අය ඇඳ සිටි ඇඳුමේ සඟවාගෙන සිටිය දී හෙරොයින් ග්‍රෑම් 2.450ක ප්‍රමාණයක් ද පොලිසියට සොයා ගැනීමට හැකිව තිබෙනවා.

අත්අඩංගුවට ගත් මෙම සැකකාරිය මීට පෙර ද නීති විරෝධී මත්පැන් ජාවාරම් සම්බන්ධයෙන් පෙර වැරදි 10කට වැඩි සංඛ්‍යාවක් පවතින බවයි පොලිසිය පැවසුවේ.

සැකකාරිය ඊයේ (04) තඹුත්තේගම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 15 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර තිබෙනවා.