එන්නත ලබාගත් ඔබ කළ යුතුම දේ

කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගත් පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් කොවිඩ්-19 රෝගයෙන් ආරක්ෂා වීමට කටයුතු කළ යුතු ආකාරය ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් දැනුවත් කිරීමක් සිදු කර තිබෙනවා

මෙතෙක් කොවිඩ් එන්නත ලබා නොගත් තමන්ගේ පවුලේ සාමාජිකයින් සහ දරුවන් ආරක්ෂා කර ගන්නා ලෙසත් එන්නත ලබා ගැනීමට හැකි වයස් කාණ්ඩයක නම් එන්නත ලබා ගැනීම සඳහා ඔවුන් උනන්දු කරන ලෙසත් එම සංගමය සඳහන් කරනවා

එන්නත ලබා ගත් පුද්ගලයින්ට කොවිඩ්-19 රෝගයෙන් ආරක්ෂා වීමට වැඩි වගකීමක් තිබෙන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරන්නේ .

ඒ අනුව, කොවිඩ්-19 රෝගයෙන් ආරක්ෂා වීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ, පහත පියවර අනුගමනය කිරීම ද ඉතා වැදගත් බවයි

– මුව ආවරණයක් නිවැරදිව පළඳින්න.

– ඔබට සෙම්ප්‍රතිෂ්‍යා රෝග ලක්ෂණ ඇත්නම් නිවසේදීත් පවුලේ අනිත් සාමාජිකයින්ගෙන් දූරස්ථව සිටින්න.

– ගෙදරින් බැහැරව සිටින විට සැමවිටම මීටර් දෙකක දූරස්ථභාවයක් පවත්වා ගන්න.

– නිතර අත් සෝදන්න.

– කිවිසුම් යන විට සහ කහින විට ශ්වසන ස්වස්තථාව ආරක්ෂා කරන්න.

– වාතාශ්‍රය අඩු, සංවෘත පරිසර සහ සෙනග ගැවසෙන ස්ථානවල ගැවසීමෙන් හැකිතාක් වළකින්න.

– කොවිඩ් රෝග ලක්ෂණ ඇත්නම් රැකියාවට නොගොස් වෛද්‍ය උපදෙස් ලබාගන්න.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14