එන්නත් සම්පූර්ණ කළ පසුත් කොරෝනා පැතිර යයි නම් ඊටත් පිළියම්

එන්නත ලබාදී අවසන් කිරීමෙන් පසුවත් කොරෝනා පැතිරීම දිගටම සිදු වන්නේ නම් ඊළඟට ගත යුතු සෞඛ්‍යමය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා විශේෂඥ වෛද්‍ය කමිටු පත් කිරීමට සිදුවනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට දැනුම් දුන්නේය.

කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව සියයට 100කට පමණද දෙවෙනි මාත්‍රාව සියයට පනස් හයකට පමණද ලබාදී අවසන්ව ඇති බව පැවසූ ජනාධිපතිවරයා මේ මස අවසන් වීමට පෙර තවත් සැලකිය යුතු පිරිසකට එන්නත ලබා දී අවසන් කිරීමට හැකිවනු ඇති බවද ප්‍රකාශ කළේ‍ය.

මීළඟට ප්‍රමුඛත්වය දැක්විය යුත්තේ වයස 30ට පහළ අයට එන්නත ලබාදීම සම්බන්ධයෙන්ද එසේ නැතිනම් වයස 60ට වැඩි අයට බූස්ටර් එන්නතක් ලබාදීම සම්බන්ධයෙන් දැයි සොයා බලා කරුණු ඉදිරිපත් කරන ලෙසද ජනාධිපතිවරයා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට වැඩිදුරටත් දැනුම්දී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
ලාල් කාන්තලා බත් ද කන්නේ - ඇට පිටින් ගංජා ගහලා වගේ කතා කරන්නේ
05:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46