එන්නත් වර්ග 08ක් සුපරීක්ෂණ කාලයකින් තොරව ලියාපදිංචි කිරීම නීතියට පටහැනි බව අධිකරණයේ දී හෙළිවෙයි

නිර්වින්දන කටයුතු මෙන්ම මොළය ආශ්‍රිත රෝගවලට ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කරන ශ්‍රී ලාංකික සමාගමක් විසින් නිෂ්පාදනය කළ එන්නත් වර්ග 08ක් මාස 06ක සුපරීක්ෂණ කාලයකට යටත් නොකොට ලියාපදිංචි කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව ඊයේ (14) අභියාචනාධිකරණය හමුවේ අවධාරණය කෙරුණා.

යාඩින් ලැබොටරි පුද්ගලික සමාගම විසින් නිෂ්පාදනය කළ එම එන්නත් වර්ග 08ක් මාස 06ක සුපරීක්ෂණ කාලයකට යටත් නොකොට ලියාපදිංචි කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ප්‍රණීතා.එන්. වර්ණකුලසූරිය සහ දෙව්ෂාන්.පී.බුද්ධරගේ යන අය විසින් ගොනුකළ පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේ දී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නීල් ශාන්ත සිරිමාන්න මේ බව අවධාරණය කළා.

අභියාචනාධිකරණයේ දී සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්වුණා.

පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් යම් ඖෂධයක් වෙළඳපොළට නිකුත් කිරීමට පෙර එය මාස හයක සුපරීක්ෂණ කාලයකට යටත් කළ යුතු බව ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතේ සඳහන් කොට ඇතැයි කියා සිටියා.

එහෙත් වග උත්තරකාර සමාගම විසින් නිෂ්පාදන කළ එන්නත් වර්ග අටක් සඳහා මාස දෙකක් වැනි කාලයක් තුළ අනුමැතිය ලබාදීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය කටයුතු කර ඇති බවත් ඒ තුළින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ බලධාරීන් අදාළ පනත අමු අමුවේ උල්ලංඝනය කර තිබෙන බවත් නීතිඥවරයා චෝදනා කළා.

ඖෂධවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා පත්කර තිබෙන ජාතික ඖෂධ නියාමන අධිකාරිය මේ ආකාරයෙන් නීතිය උල්ලංඝනය කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් මේ තුළින් රෝගී ජනතාවගේ ජීවිත ඉතා භයානක ලෙස අනතුරේ හෙළීමට කටයුතු කර තිබෙන බවත් පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයා චෝදනා කළා.

මෙහිදී රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රශ්නගත ඖෂධ සම්බන්ධයෙන් සිය සේවා දායකයින් අවස්ථා ගණනාවකදීම සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු කර තිබෙන බව සඳහන් කළා.

රෝගීන්ට ලබා දෙන ඖෂධ සම්බන්ධයෙන් ගැටළු සහගත තත්ත්වයක් මතු වුවහොත් ඊට අදාළව වෛද්‍යවරුන්ටද වගකීමක් පැවරෙන බවත් එවැනි කාරණා සම්බන්ධයෙන් ඇතැම් වෛද්‍යවරු නඩු හබ වලට මුහුණ දුන් අවස්ථා ද අනාවරණය වී තිබෙන බවත් නීතිඥවරයා සඳහන් කර සිටියා.

එබැවින් මෙම ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාදාමය සම්බන්ධයෙන් පෙත්සම්කරු දරන ස්ථාවරය සමඟ තමන් ද එකඟවන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළා.

අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නම්කර සිටි න සෞඛ්‍ය අමාත්‍යවරයා, ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඇතුළු වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ අධිකරණය හමුවේ කරුණු දක්වමින් නිෂ්පාදනය කරනු ලබන යම් ඖෂධයක් සඳහා මාස හයක සුපරීක්ෂණ කාලය අදාළ වන්නේ එය වාණිජ වශයෙන් වෙළඳපොළට නිකුත් කරන්නේ නම් පමණක් බව කියා සිටියා.

මෙම නඩුවට පාදක වන එන්නත් මිලදී ගැනීම සම්බන්ධයෙන් පෙත්සම්කරුවන් එල්ල කරන චෝදනා පදනම් විරහිත බවත් ඒ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු දැක්වීමට අපේක්‍ෂා කරන බව කී නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා ඒ සඳහා දිනයක් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල මෙම පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර කරුණු තහවුරු කිරීම ජූනි මස 20 වනදා දක්වා කල් තැබීමට තීන්දු කළා.

මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ නිලුකා වෙල්ගමගේ උපදෙස් මත නීතිඥ දෙශාරා ගුණතිලක සමඟ නීතිඥ නීල් ශාන්ත සිරිමාන්න පෙනී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27