එන්නත් මධ්‍යස්ථානයක උණුසුම් තත්ත්වයක් – 18ට අඩු අයටත් එන්නත් දුන්නා ද?

හලාවත, කොක්කවිල රජයේ විද්‍යාලයේ ස්ථාපිත කර තිබූ එන්නත්කරණ මධ්‍යස්ථානයකින් වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයින්ට එන්නත් ලබාදී ඇති බවට වාර්තා වේ.

එම එන්නත්කරණ මධ්‍යස්ථානයෙන් ජනතාවට ලබාදී තිබූ ෆයිසර් එන්නත මෙලෙස අවුරුදු 18 ට අඩු පුද්ගලයින්ට ලබාදී ඇති බව එලෙස වැඩිදුරටත් වාර්තා වී තිබේ.

එමෙන්ම එම එන්නත ලබාගැනීම සඳහා අදාල ප්‍රදේශයෙන් පිටත ප්‍රදේශවල සිට ද පුද්ගලයින් රැසක් පැමිණ ඇති බව සඳහන්ය.

එම එන්නත් මධ්‍යස්ථානයෙන් එන්නත් ලබාගැනීමට පැමිණ සිටි ප්‍රදේශවාසීන් මේ හේතුවෙන් දැඩි අසීරුතාවට පත්වූ බව අප වාර්තාකරුවන් පැවසීය.

“වැරදි වැඩ කරන්න එපා. හදවතට එකඟව වැඩ කරන්න. ඔයාලට වැඩිය අමාරු මිනිස්සු අර පෝළිම්වල ඉන්නවා,” යනුවෙන් එන්නත් ලබාගැනීමට පෝළීම්වල සිටි ජනතාවගෙන් පෝළිම්වලට පිටින් පැමිණි පිරිසට විරෝධය එල්ල වී තිබුණි.

වයස අවුරුදු 18ට අඩු පුද්ගලයින්ට එන්නත ලබාදීම සම්බන්ධයෙන් එම ස්ථානයේ රාජකාරියේ සිටි පොලිස් නිලධාරියෙකු එහි සිටි සෞඛ්‍ය අංශ සාමාජිකාවකගෙන් විමසා සිටි අතර එහිදී ඇය ප්‍රකාශ කළේ වෛද්‍යවරයෙකුගේ නිර්දේශ මත මෙම එන්නත ලබාදෙන බවය.

පසුව, එන්නත්කරණ මධ්‍යස්ථානය භාරව සිටි වෛද්‍ය මිතිල ගමගේ මහතා ප්‍රකාශ කළේ එන්නත්කරණයේදී යම් අක්‍රමිකතාවක් සිදුවී ඇත්නම් ඒ පිළිබඳව පරීක්ෂණයක් කරන බවය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක සාපයක් - රටට සෙතක් වෙන්න අනුර කුමාර භාරයක් කරන්න
05:31
Video thumbnail
දුමින්දගේ දන්සල ළඟ වීදි ලාම්පු ටික නගර සභාවෙන් ඕෆ් කරලා
02:35
Video thumbnail
කාන්තාවක් පස්සෙන් ගිහින් මාලේ කැඩූ ඩබල
01:01
Video thumbnail
ලීසිං ක්‍රමයට හාල් දෙන්න කොහේවත් තීරණයක් අරගෙන නෑ
03:52
Video thumbnail
බූරු කුට්ටමේ ඉන්න ජෝකර්ලා වෙනුවට උඹලාගේ ෆොටෝ එකක් දාගන්න
06:41
Video thumbnail
ලෝක අර්බුධය පාවිච්චි කරලා අපි හොරකම් කළේ නෑ
11:41
Video thumbnail
Praharaya| ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සහභාගිවන ප්‍රහාරය වැඩසටහන
01:25:31
Video thumbnail
මහ පාරට කුණු දාලා කඩුවෙල අපිරිසිදු කරන කට්ටිය
01:45
Video thumbnail
ෂෙඩ් එකේ මල් පැල උස්සලා බයික් එක අස්සේ දාගෙන ගිය හැටි
01:40
Video thumbnail
මිහින්තලා හිමි ආණ්ඩුව හොඳම පදෙන් අමතයි - වාචිකවත්, ලිඛිතවත් බොරු කියනවා
10:12