එන්නත් නොගන්නා අයට දඩ

කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා නොගන්නා ඔස්ට්‍රියානුවන්ගෙන් සෑම මාස 3 කටම වරක්, යූරෝ 3,600 ක (ඇමෙරිකන් ඩොලර් 4,071ක්) දඩමුදලක් අය කර ගැනීමට බලාපොරොත්තු වන බව ඔස්ට්‍රියා රජය පවසනවා.

මේ වනවිට ඔස්ට්‍රියාවේ ජනගහනයෙන් සියයට 68 ක ප්‍රතිශතයක් පූර්ණ එන්නත්කරණයට ලක් වී ඇත. 

බටහිර යුරෝපයේ සෙසු රටවල් හා සන්සන්දනය කරද්දී, එය ඉතාමත් අඩු ප්‍රතිශතයකි. 

ඔස්ට්‍රියානුවන් වැඩි දෙනා කොවිඩ් 19 වයිරසයට එරෙහි එන්නත් ලබා ගැනීමට අදිමදි කරන්නේ, එන්නත් ගැන ඔවුන්ගේ විශ්වාසයක් නොමැති බැවිනි. 

එන්නත් සම්බන්ධයෙන් ඔස්ට්‍රියාවේ දේශපාලනික වශයෙන් ද බෙදීමක් පවතී. 

එන්නත් ලබා ගැනීමෙන් වළකින්නැයි ජනතාවට උපදෙස් දෙන්නේ ඔස්ට්‍රියා නිදහස් පක්ෂයයි. 

ඔස්ට්‍රියාවේ බලයේ සිටින්නේ කොන්සවර්ටිව් පක්ෂයයි. 

පසුගිය සති තුනක කාලය පුරාවට, ඔස්ට්‍රියාවේ කොවිඩ් 19 ආසාදිතයන් ඉහළ ගියේය. 

සිවුවැනි වතාවටත් ඔස්ට්‍රියාව, මුළුමනින්ම ලොක්ඩවුන් කෙරුණි. 

එම අවස්ථාවේදී සෞඛ්‍ය අංශ ඒ අනුව නිර්දේශ කළේ රටේ එන්නත් ලබා ගැනීමට සුදුසු වයස් කාණ්ඩයේ සියලු දෙනාට එන්නත් අනිවාර්ය කළ යුතු බවය. 

ඔස්ට්‍රියා රජය එන්නත් අනිවාර්ය කළහොත්, යුරෝපා රටක් එසේ කොවිඩ් 19 එන්නත් අනිවාර්ය කරන පළමු අවස්ථාව එය වනු ඇත. 

‘‘එන්නත් ලබා නොගන්නා අයට බලපෑම් කරන්න අප කැමැති නැහැ.. ඒත් සෞඛ්‍ය නිර්දේශ අනුව, රටේ වැඩි දෙනා එන්නත් ලබා ගත්තොත් වසංගතය මර්දනය කිරීමට අපට හැකියාව ලැබෙනවා. ඒ නිසයි අප සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ වගකීමක් ඇති පුරවැසියන් විදියට එන්නත් ලබා ගන්න’ යැයි සෞඛ්‍ය අමාත්‍ය වුල්ෆ්ගැන්ග් මුඑක්ස්ටයින් මාධ්‍ය හමුවේ පවසා තිබේ. 

කොවිඩ් 19 එන්නත අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට යොමු කිරීමට නියමිතව ඇත්තේ ලබන වසරේ පෙබරවාරි පළමු වැනිදාය. 

මේ වනවිටත් රජයට පක්ෂ දේශපාලන පක්ෂ ඊට සහාය පළ කරන බව ද වාර්තා වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14