එන්නතක් විද දැරියක් මියගිය පසු සිරුර යතුරුපැදියක් මත තබා රෝහලේ පිරිස පලා ගිහින්

පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි 17 හැවිරිදි දැරියකට වෛද්‍යවරයෙකු විසින් වැරදි එන්නතක්, එන්නත් කිරීමෙන් පසු මිය යාමේ පුවතක් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ මේන්පුරි ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අදාළ 17 හැවිරිදි දැරිය මිය යාමෙන් පසුව රෝහල් කාර්ය මණ්ඩලය විසින් ඇයගේ සිරුර එළිමහනේ නවතා තිබූ යතුරුපැදියක් මත දමා එම ස්ථානයෙන් පලාගොස් ඇති බවයි මියගිය දැරියගේ පවුලේ අය චෝදනා කරන්නේ.

වැරදි එන්නත එන්නත් කළ බව කියන වෛද්‍යවරයා සහ රෝහල් කාර්ය මණ්ඩලය මහජන කෝපයට බියෙන් පලා ගොස් ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

රෝහලෙන් පිටත නවතා තිබූ යතුරුපැදියක් මත දැරිය පණ නැතිව වැතිර සිටින අයුරු දැක්වෙන වීඩියෝවක් ද මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ඉන්දියාව පුරා සංසරණය වන බවයි වාර්තා වන්නේ.

අදාළ දැරිය පසුගිය අඟහරුවාදා උණ රෝගය වැළඳී ගිරෝර් ප්‍රදේශයේ රාධා ස්වාමි පෞද්ගලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

පසුව ඇය බදාදා දිනය වනවිට තරමක් සුවය ලබා සිට ඇති අතර, වෛද්‍යවරයා ඇයට එන්නතක් ලබා දුන් පසු ඇයගේ තත්ත්වය නරක අතට හැරුණු බවයි දැරියගේ නැන්දා පවසන්නේ.

ඇයගේ තත්ත්වය නරක අතට හැරෙමින් පවතින බැවින් ඇයව වෙනත් රෝහලකට ගෙන යන ලෙස වෛද්‍යවරයා පැවසූ බවත්, ඔවුන්ට ඒ ගැන කිසිවක් කළ නොහැකි බවත් වෛද්‍යවරයා දන්වා සිටි බවත් දැරියගේ නැන්දා වැඩිදුරටත් පවසා තිබෙනවා.

වෛද්‍යවරයා එය පවසන විටත් දැරිය මියගොස් සිට ඇති බවට තමන්ට සැකයක් පවතින බවයි ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ.

අනතුරුව වෛද්‍යවරයා සහ රෝහල් කාර්ය මණ්ඩලය දැරියගේ සිරුර හොර රහසේ එළිමහනට ගෙනවිත් එහි නවතා තිබූ යතුරුපැදියක් මත දමා එම ස්ථානයෙන් පලාගොස් තිබෙනවා.

අනතුරු පොලිසිය පැමිණ මේ සම්බන්ධයෙන් විමර්ශන අරඹා ඇති අතර, දිස්ත්‍රික් ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා විසින් අදාළ රෝහලට මුද්‍රා තැබීමට නියෝග කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඒ, වනවිටත් වෛද්‍යවරයකු හෝ පරිපාලන කාර්ය මණ්ඩලයේ කිසිවෙක් එහි නොසිටි බවයි අනාවරණය වී ඇත්තේ.

එම රෝහලේ ලියාපදිංචිය අවලංගු කිරීමෙන් අනතුරුව සිද්ධියට සම්බන්ධ වූවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40