spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

එන්නතක් නිසා තවත් මරණයක් ?

පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුලත් කළ තරුණියක් එන්නතක් ලබා දීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වූ බවට ඇයගේ දෙමව්පියන් චෝදනා කරනවා.

උදරාබාධයකට ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවෙන් කොටලිගොඩ ප්‍රාදේශීය රෝහලට පසුගිය 10 වනදා ඇතුලත් වූ මෙම 21 හැවිරිදි තරුණිය වැඩිදුර ප්‍රතිකාර සඳහායි ඊයේ (11) පේරාදෙණිය රෝහලට මාරුකර එවා තිබුණේ.

එහිදී හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කර සිටි ඇය පසුව 7 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී එදිනම රාත්‍රී 7.30ට පමණ එන්නතක් ලබා දීමෙන් පසු මියගිය බවට ඥාතීන් සඳහන් කරනවා.

කඩුගන්නාව පොත්තපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණියගේ මව චෝදනා කරන්නේ රෝහලේදී ලබාදුන් එන්නත හේතුවෙන් මෙම මරණය සිදුවී ඇති බවටයි.

ඔවුන් මේ සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් ද සිදුකර තිබෙනවා.

මියගිය තරුණියගේ මෘත දේහය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
9
+1
3
+1
3
+1
64
+1
13
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?