එන්නතක් නිසා තවත් මරණයක්?

ගම්පහ රෝහලේදී එන්නතක් ලබාදීමෙන් පසු රෝගියෙකු මරණයට පත්වීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

ශල්‍ය වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙක් ‘සෙෆ්ටාසිඩීම්’ නැමැති එන්නත ලබාදී සුළු වෙලාවකට පසු ඇද වැටී මරණයට පත්වී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

එම රෝගියාට අදාළ එන්නතෙහිම මාත්‍රා 10ක් ලබාදී තිබී ඇති අතර සංකූලතා ඇතිවූයේ එකොලොස්වන මාත්‍රාව එන්නත් කිරීමෙන්හ පසුව බව සඳහන්.

මෙම සිද්ධියෙන් පසුව ගම්පහ මහ රෝහලේ අධ්‍යක්ෂවරයාගේ උපදෙස් පරිදි එම එන්නත් කාණ්ඩය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

67 හැවිරිදි මෙම පුද්ගලයා පසුගිය 6 වනදා ගම්පහ රෝහලට ඇතුලත් වී ඇත්තේ දියවැඩියා රෝගය හමුවේ පාදයේ ඇති තුවාලයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහායි.

මේ අතර අද මහනුවර පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් විමසීමක් කළා.

ඔහු කියාසිටියේ එවැනි සිදුවීමක් තමන්ට වාර්තාවී නොමැති බවයි.

මේ අතර මෙම මරණය පිළිබඳ අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන කියාසිටියේ මෙම රෝගියාට ලබාදී ඇත්තේ ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි එන්නතක් බවයි.

මීට පෙර එන්නත් හේතුවෙන් මරණ කිහිපයක් සිදු වූ අතර ඒ සම්බන්ධයෙන් විමර්ශනයට කමිටුවක් ද පත් කරනු ලැබුවා.

එම කමිටු වාර්තාව පසුගියදා සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත භාරදුන් අතර එම කමිටුවේ සාමාජික මහාචාර්ය චන්දිම ජීවන්දර කියාසිටියේ කතාබහට ලක්වූ මරණ 6න් 2ක් සිදුවී ඇත්තේ ඖෂධ ආසාත්මිකතා හේතුවෙන් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09