එතෙර රැකියා පෙන්වා මුදල් ගැරූ කත ඒජන්සියේ දී ම කොටුවෙයි

විදේශ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 40කට ආසන්න මුදලක් වංචා කළ බව කියන කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ (03) අත්අඩංගුවට ගැනුණා.

සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇය විසින් බත්තරමුල්ල ප්‍රදේශයේ පවත්වා ගෙන යන විදේශ රැකියා නියෝජිත ආයතනයක් තුළ දී ය.

විදේශ රැකියා ලබාදෙන බව පවසා සැකකාරියට මුදල් ලබා දී වංචාවට හසු වූ 14 දෙනෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශයට පැමිණිලි කර තිබුණා.

එම පැමිණිලි විභාග කිරීමෙන් අනතුරුවයි සැකකාරිය ව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය පවත්වා ගෙන ගිය විදේශ රැකියා නියෝජිත ආයතනයේ බලපත්‍රය ද තාවකාලික ව අත්හිටුවීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබෙනවා.

සැකකාරිය හෙට (04) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56