එතෙර කෙනෙක් සමග විවාහ වෙනවානම් ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ඕනේ

විදේශිකයෙකු සමඟ විවාහ වීමට කැමති ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුට විවාහය ලියාපදිංචි කිරීමට පෙර ආරක්ෂක අමාත්‍යාංශයෙන් ආරක්ෂක නිෂ්කාශන වාර්තාවක් (Security Clearance Report)ලබාගත යුතු බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව චක්‍රලේඛයක් නිකුත් කරමින් පවසනවා.

ඊට අමතරව, විදේශීය කලත්‍රයන්ට වෛද්‍ය ඉතිහාසය, නිදන්ගත රෝග සහ ඔවුන් කොවිඩ් 19 වැළඳී තිබේද එන්නත ලබා ගත්තේද යන්න විස්තර කරන ස්වයං ප්‍රකාශිත සෞඛ්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමටද අවශ්‍ය වෙන බවයි කියන්නේ.

අදාළ අයගේ සෞඛ්‍ය තත්වය අසතුටුදායක බව හඳුනා ගතහොත් වෛද්‍ය කළමනාකරණයට අදාළ සියලු වියදම් දැරීමට අවශ්‍ය බව ඔවුන් දන්නා බවත් ප්‍රකාශ කළ යුතු බවයි චක්‍රලේඛයේ සඳහන් වන්නේ.

රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා වන ඩබ්ලිව්. එම්. එම්. බී. වීරසේකර මාධ්‍යට පවසා තිබෙන්නේ ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමේ පියවරක් ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශයේ උපදෙස් අනුව මෙම නව රෙගුලාසිය කෙටුම්පත් කළ බවයි. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කළ බවත් ඔහු පවසනවා.

“මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මුදල් විශුද්ධිකරණය වැනි යටි චේතනා ඇතිව ඇතැම් විදේශිකයන් ශ්‍රී ලාංකිකයන් සමඟ විවාහ වීමට කැමති බව අපි දැක ඇත්තෙමු. අපට අවශ්‍ය වන්නේ මෙහි සිටින දේශීය අයව විවාහ කර ගැනීමට කැමති විදේශිකයන් එවැනි කටයුතුවලට සම්බන්ධ නොවන බවට වග බලා ගැනීම” යි වීරසේකර මහතා පවසා තිබෙනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවලදී දැනට පවතින පොදු විවාහ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියේ ඇති හිඩැස්වලින් ඇතැම් පාර්ශ්ව ප්‍රයෝජන ගත් ආකාරය ද අනාවරණය වී ඇති බවයි ඔහු කියන්නේ.
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව අයත් වන්නේත් ආරක්ෂක අමාත්‍යාංශයේ විෂය පථයට යි.

නව ක්‍රියාවලිය යටතේ අදාළ රටේ ආරක්ෂක බලධාරීන්ගෙන් ලබාගත් සහතිකයේ මුල් පිටපත ශ්‍රී ලංකා පාර්ශ්වය හරහා හෝ ඒජන්සිකරුවෙකු හරහා එම දෙපාර්තමේන්තුවේ සිවිල් ලියාපදිංචි කිරීමේ ඒකකය වෙත එවිය යුතු අතර, එම කාලය තුළ කිසිදු වරදකට වරදකරුවන් නොවන බව පෙන්නුම් කළ යුතුව තිබෙනවා. ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක වන චක්‍රලේඛයට අනුව රෙජිස්ට්‍රාර්වරයාගේ සහතිකය නිකුත් කිරීමෙන් විවාහයන් සිදු කළ හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට දුන්න සුද්දය
01:08
Video thumbnail
උසාවියට රැගෙන ආ සලේ STF ආරක්ෂාව මැද යළි රැගෙන යන හැටි
01:37
Video thumbnail
වාහන ගෙන්වීමේදී ලොකු අක්‍රමිකතාවක් වෙලා..ආණ්ඩුව බැලුවේ සීමා කරන්න
05:18
Video thumbnail
ජංගිවල හිල් කිව්ව ප්‍රබලයට කතක් රිදෙන්නම දෙයි.."ඔයා වෙනුවෙන් Design කරලා දෙන්නම් Underwear ටිකක්"
01:51
Video thumbnail
පාලකයන්ට ෆැරලයිස්ද ? හැඟීම් දැනීම් දැනෙන්නේ නැද්ද ? - බිහිසුණු ඉරණමක් අත්වූ කතක් මාධ්‍යය දෙවනත් කරයි
10:31
Video thumbnail
ඇල්ලු ආයුධ ගැන ජනපති හැමෝම ඉස්සරහා කියයි - මොකක්ද ඔබේ යුනිෆෝම් එකේ ඇති වගකීම ?
02:17
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක්..කට්ටිය හිනා වෙවී වැඩ
01:31
Video thumbnail
මාස 06 කාලය තුල ඇල්ලු මත්ද්‍රව්‍ය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ආගමික ස්ථාන දක්වා ව්‍යසනය පැතිරිලා
03:55
Video thumbnail
ඩොලරයේ අර්බුදයට ජනපතිගෙන් පිළිතුරු.."තියෙන තෙරපුව කෙටි කාලයක් පාලනය කර ගත යුතුයි"
02:31
Video thumbnail
රණවිරු ස්මාරකයේ ඇත්තටම වුණ දේ විමල් රටටම හෙළිකරයි
20:06