spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

එතරම් සුවපහසු නොවූ වත්මන් ලෝක ශූරයින්ගේ ගුවාටි ගමන

2023 එක්දින ලෝක කුසලාන තරගවලියට සහභාගී වීම සඳහා එංගලන්ත කණ්ඩායම ඊයේ (28) රාත්‍රියේ ඉන්දියාවේ ගුවාටි වෙත පැමිණියා.

කෙසේ වෙතත්, එංගලන්තයේ ගුවාටි වෙත ආ ගමන ඔවුන් බලාපොරොත්තු වූ තරම් සුවපහසු සහ වේගවත් ගමනක් වී තිබුනේ නැහැ.

ඒ අනුව එංගලන්තයේ සිට ඉන්දියාවට යන ගුවන් ගමන පැය 38 කට වඩා වැඩි කාලයක් දක්වා දීර්ඝ ගමනක් වූ බවයි වාර්තා වන්නේ.

එම ගුවන් ගමන එපමණ කාලයක් දක්වා දීර්ඝවීම හේතුවෙන් එංගලන්තයේ තරු පිතිකරු ජොනී බෙයාර්ස්ටෝ සිය කලකිරීම ප්‍රකාශ කර තිබුණා.

ඒ, ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමට සටහනක් එක්කරමින්.

එංගලන්තයේ සිට ඉන්දියාවට සාමාන්‍ය පියාසැරි කාලය පැය 09 විනාඩි 12ක් වන අතර, කෙසේ වෙතත්, කාලගුණික තත්ත්වයන් සහ අනෙකුත් සාධක අනුව එම කාලසීමාව වෙනස් විය හැකියි.

වත්මන් එක්දින ලෝක ශූරයින්වන එංගලන්තය හෙට (30) දිනයේ ඉන්දියාව සමඟ පළමු පුහුණු තරගය සඳහා එක්වීමට නියමිතව තිබෙනවා.

ජොනී බෙයාර්ස්ටෝ සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එක්කර තිබූ සටහන.

3 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
7
+1
27
+1
2
+1
6
+1
11
+1
15
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?