spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

එක ෆෝන් කෝල් එකකින් මහලොකු ආණ්ඩුව දණගස්වන්න පුලුවන් : ශෙහාන් මාලක

පසුගිය පැවැත්වූ මාධ්‍ය සාකච්චාවක දි සමාජ ක්‍රියාකාරක ශෙහාන් මාලක ගමගේ පවසා සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සියළු කතෝලික ප්‍රජාව එකාවන්ව නැගී සිටින බවය.එමෙන්ම එහිදි ඔහු පවසා සිටියේ පසුගිය දිනෙක ඔහුට වතිකානුවෙන් සෘජුවම ඇමතුමක් ලැබුනු බව සහ වතිකානුවේ මාධ්‍යන් විසින් ද මෙම අනාවරණයන් සිදුකල බවය.

මෙම හමුවේදී මාලක කියා සිටියේ මෙම ආණ්ඩුව කෙතරම් විශාල වූවත් කාදිනල් හිමියන්ට වතිකානුවට ලබා දෙන එක් දුරකථන ඇමතුමකින් මෙම ආණ්ඩුව දණ ගැස්විය හැකි බවය.සියලු ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානය මේ වෙත යොමු කරවමින් සහ පාප්වහන්සේ ප්‍රමුඛ වතිකානුවෙන් මේ සම්බන්ධයෙන් දේශපාලන ප්‍රතිඥාවක් ලබා ගැනීමක් දක්වා ගෙන යා හැකි බව ඔහු පවසා සිටියා.
මේ අවස්ථාවේ “හොම්බෙන් ගිහින් තියන මේ රට” ට එසේ සිදුවහොත් වන විනාශය අති විශාල බව ඔහු ප්‍රකාශ කර සිටියා.

එකා වන්ව පෙළගැසී මේ සටන දිගින් දිගටම ගෙනයන බව ඔහු මෙහිදි අවධාරනය කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
39
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?