එක ලකුණකින් රෝහිට් ෂර්මා පසු කළ බාබර් අසාම් ලෝකයෙන් එක වෙයි

ජ්‍යාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ නව වාර්තාවක් පිහිටුවමින් එම ආකෘතිය තුළ ලොව වැඩිම ලකුණු ලාභියා බවට පත් වීමට පාකිස්ථාන පිතිකරු බාබර් අසාම් සමත් වී තිබෙනවා.

ඒ අනුව ජ්‍යාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ තරග 123කට පමණක් මුහුණ දෙමින් ලකුණු 4232ක් රැස් කරගනිමින් එම වාර්තාවට මීට පෙර හිමිකම් කියනු ලැබූ ඉන්දීය පිතිකරු රෝහිට් ෂර්මාව එක ලකුණකින් පසුකරමින් එම වාර්තාව ඔහු සතුකර ගැනීමට සමත්ව තිබෙනවා.

කෙසේ වෙතත් රෝහිට් ෂර්මාට එම ලකුණු 4231 ලබා ගැනීම සඳහා තරග 151 වැය වී තිබු අතර බාබර් අසාම් ඔහුට වඩා තරග 28ක් පසුපසින් සිටිමින් මෙම වාර්තාව පිහිටු වීමට හැකිව තිබෙනවා.