එක රැයකට ලක්ෂ හතක් හෙවූ කත්‍රිනාගේ අරුම පුදුම විවාහයේ රහස

කත්‍රිනා කියන්නෙ පහුගිය කාලය පුරාවටම උණුසුම් පුවත් මවන්නියක් වෙලා හිටපු කෙනෙක්.

බොලිවුඩයේ ‘චොකලට් කොල්ලා’ නැමැති අන්වර්ථයෙන් හඳුන්වන රන්බීර්ගෙ පටලැවිල්ලෙන් ලිහුණට පස්සෙ ඇයට ඇයගෙ ආත්ම සහකරු මුණ ගැහෙනවා.
ඇය විකී කෞෂාල් එක්ක විවාහා වෙන්නෙ අවුරුදු දෙකක සම්බන්ධතාවයකට පස්සෙ. කත්‍රිනාගෙ විවාහයත් එසේ මෙසේ එකක් නම් නෙමෙයි. ඒක මුළු බොලිවුඩයේම කතා බහට ලක් වුණු එකක්.

පසුගිය 9 වැනිදා නෑදෑ හිතමිතුරන් පිරිවරාගෙන එය රාජස්ථානයේ තරු පන්තියේ නිවාඩු නිකේතනයක පැවැත්වුණා. ඒ වගේම එයට බොලිවුඩ් සිනමා තරු රැසක් පැමිණ සිටියා. හැබැයි ඒ විවාහ උත්සවය කොයි තරම් සුවිශේෂී එකක්ද කියනවා නම් අඩුම තරමේ විවාහා උත්සවයේ ආරාධිතයින්ට පෞද්ගලිකව ඡායාරූපයක්වත් අරගන්න අවසර තිබුණේ නැහැ.

කොටින්ම ඔවුන්ගේ විවාහා උත්සවයේ ආරාධනා පත්‍රයට අමතරව නීති රෙගුලාසි පත්‍රයකුත් තිබුණා කියලයි ආරංචි. ඉතින් ඒ විදියේ අපූරු විවාහා උත්සවයකට හිමි කම් කියපු කත්‍රිනා සමාජ මාධ්‍යට නිතරම පින්තූර එකතු කරන්නත් අමතක කළේ නෑ.

“අපිව මේ තරම් දුර අරගෙන ආපු එකම හේතුව ආදරයම පමණයි…”

2019 දි පටන් ගත්තු මේ අපූරු ආදරේ ගැන කත්‍රිනා සමාජ මාධ්‍යවල අදහස් බෙදාගත්තෙ එහෙම.

විකී, කත්‍රිනාගේ විවාහය එහෙන් පිටින්ම රසවත් පුවත් මවපු රස ගුලාවක්. ඔවුන් මධු සමය වෙනුවෙන් නැවතී සිටි හෝටල් කාමරයේ එක් දින කුලිය රුපියල් ලක්ෂ 7ක් පමණ වෙන බව තමයි ආරංචි.

කොහොම වුණත් ඔවුන්ගෙ “මධු සමය අතරේ ගත්තු ඡායාරූප” කියලා වෙරළක දණ ගසාගෙන ඉන්න ඉරියව්වකින් ගත්තු ඇගේ උණුසුම් ඡායාරූප කිහිපයක් රසිකයින් අතර වේගයෙන් සංචරණය වෙමින් තිබුණා. ඒත් ඒ ඔවුන් මීට පෙර වතාවක මාලදිවයිනේදී ගත්තු ඡායාරූප බවයි ඔවුන් කියන්නේ. ඒ වගේම ඔවුන් මධු සමය ගත කරන්න තෝරගත්තු තැන තාමත් පැපරාසින්ට සහ රසිකයින්ට රහසක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මොන ප්‍රතිවිරෝධ ආවත් ගත් තීන්දු ආපසු හරවන්නේ නැහැ - ජනපති කිව්ව සැර කතාව
06:08
Video thumbnail
පවතින ක්‍රමය අසාර්ථකයි..එල්නිනෝ මාර්තු ආවනම් ලොකු අමාරුවක වැටෙනවා
08:38
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
02:48
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස.."ඊයේ හොඳයි වගේ.."මිනිස්සු තෙමෙනවා
00:16
Video thumbnail
YouTube Interviewවලට අපි උත්තර දෙන්නේ නෑ - සමාජයට හානිකරන මිනිස්සු එළියට එවන්න නෙවෙයි හදන්නේ
04:17
Video thumbnail
කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය ඇමති ලාල් කාන්තගේ අතින් ඇරඹේ
00:53
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි
01:04
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට
00:59
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් නිසා සිදු වූ අනතුර
00:28
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්
01:22