එක රටක් එක නීතියක් වෙනුවෙන් ජනප්‍රිය නළුවෙකු වූ බිමල් ජයකොඩි පොලිසියට එකතු වෙයි

මේ වසර ආරම්භයේම රිදී තිරයෙන් දැකබලා ගන්නට ලැබුණු සිනමා නිර්මාණයක් බෙනට් රත්නායක අධ්‍යක්ෂණය කළ “කවුරුවත් දන්නේ නැහැ” චිත්‍රපටය. මේ වෙද්දීත් බොහොම සාර්ථකව තිරගත වන සිනමා නිර්මාණයක්. මෙහි ප්‍රබල ම භූමිකාව වෙන්නේ වික්‍රම ලොකුබණ්ඩාර. ඔහුට ජීවය දෙන්නේ ලාංකේය රංගන ක්ෂේත්‍රයේ විශිෂ්ට රංග පෞරුෂයක් හෙබි බිමල් ජයකොඩියි. සිනමා නිර්මාණය ගැන සහ ලැබුණු චරිතය ගැන බිමල් සිළුමිණ රසඳුන සමඟ කළ කතාබහයි මේ…

‘කවුරුවත් දන්නේ නැහැ‘ චිත්‍රපටයේ ඔබේ චරිතය වන වික්‍රම ලොකුබණ්ඩාර නම් පොලිස් නිලධාරියාගේ චරිතය වීරත්වය පිරි අභිමානවත් භූමිකාවක්. අපි කතා කරමු මේ නිර්මාණය ගැන.

ත්‍රිවිධ හමුදාව ගත්තම නාවික හමුදාවේ චරිතයක් විතරයි මම මෙතෙක් නිරූපණය කරලා නැත්තේ. අනෙකුත් සියලුම ආරක්ෂක අංශවල නිල ඇඳුමින් මම රංගනයෙන් දායක වෙලා තියෙනවා. “කවුරුවත් දන්නේ නැහැ” කියන චිත්‍රපටයේ වික්‍රම ගත්තම තවමත් මේ සමාජයේ වික්‍රමලා ඉන්නවා. අසාධාරණය දැක්කම ඒ වෙනුවෙන් කතා කරන්න සහ මැදිහත් වෙන්න අපිටත් හිතෙනවා. ඒ නිසා අපි තුළත් වික්‍රමලා ඉන්නවා. නමුත් වික්‍රමලා මතු වෙන්නේ නැහැ. ඒ මතු නොවෙන්න බලපාන කාරණා තමා මේ සමාජ වටපිටාව සහ දේශපාලන සහ අනෙකුත් කාරණා. ඒ චරිතය තුළ සැබෑ වීරයෙක් ඉන්නවා. ඒ වීරයා උත්සහ කරනවා ගොඩක් දේවල් කරන්න. හැබැයි අපි හැමෝටම වෙන අවස්ථාවලට ඔහුටත් මුහුණ දෙන්න වෙනවා. අපි හීනෙන් හරි බලාපොරොත්තු වෙන සැබෑ වීරයා මේ “කවුරුවත් දන්නේ නැහැ” චිත්‍රපටයේ වික්‍රම තුළ ඉන්නවා. එය ප්‍රතිනිර්මාණය කිරීමට ලැබීම මට ලැබුණු ලොකු අවස්ථාවක්. මොකද අපි හරි ආසයි එවැනි චරිතයක් චිත්‍රපටයක් තුළින් දකින්න හෝ ඒ තුළ මොහොතකට හරි ජීවත් වෙන්න. ඒ නිසා බිමල් ජයකොඩිට වික්‍රම කියන චරිතය බොහොම වැදගත්. ඒ වගේම ඒ වීරයා නිර්මාණය කරන්න දායක වුණු පිරිසත් මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා.

බෙනට් රත්නායක අධ්‍යක්ෂවරයා සමඟ වැඩ කිරීම ගැන යමක් කීවොත්

බෙනට් රත්නායක කියන්නේ හරිම පහසුවෙන් වැඩ කරන්න පුළුවන් නම්‍යශීලි අධ්‍යක්ෂවරයෙක්. මම තාක්ෂණික ශිල්පියෙක් විදියට වැඩ කරන කාලේ ඉඳන්ම බෙනට් අයියා මම හොඳින් හඳුනනවා. ඒ වෙනකොට මෙවැනි චරිතයක් ලැබුණාම කොහොමද ඒ තුළ මේ භූමිකාව නිරූපණය කරගන්නේ කියන එක මමත් මගේ අත්දැකීම් එක්ක, මේ සමාජ දේශපාලන තත්ත්ව එක්ක මුහුණ දීලා අපි අත්දැකලා ඒ දේවල් එක්ක මම ගොඩනඟා ගත්ත වටපිටාවක් තිබ්බා. ඒ වගේම අධ්‍යක්ෂවරයා ඇතුළු තිර පිටපත් රචක චුලාභය ශාන්ත කුමාර අයියාගෙන් ලොකු සහයෝගයක් හම්බුණා. ඒත් එක්කම ඇහෙන් දැක්ක මෙවැනි චරිත සහ ඔවුන්ට අත්වුණු ඉරණම අපි දැකලා තියෙනවා. මේ සියලු කාරණා රංගන ශිල්පියෙක් විදියට බොහොම පරිස්සමෙන් අතපත ගාලා තමයි ඒ වපසරිය තෝරා ගත්තේ.

කාලෙකින් සිනමාව තුළ සැබෑ වීරත්වය අත්වින්දා කියන පොදු ප්‍රතිචාරය නිරන්තරයෙන් ලැබෙනවා ඇති. ඉන් එහාට ගිහින් මතකම හිටින සහ ලැබුණු දැණුනු ම ප්‍රතිචාරය මොකක් ද?

මතක ම හිටින සහ දැනෙන ම ප්‍රතිචාරය මට ලැබුණේ ආදරණීය මිත්‍රයා වජිර ජයවර්ධනගෙන්. ඔහු චිත්‍රපටය බලලා ගිහින් මුහුණු පොතේ සටහනක් තබලා තිබ්බා. ඒ තුළ තිබ්බා මම රංගන ශිල්පියෙක් විදියට තව තවත් සිතිය යුතු දේවල් මට දැනෙන විදියට ලියලා. අපේ භාෂාවෙන්ම කියනවා නම් ඔහු ලියලා තිබ්බේ “උඹ තමයි අමුතු නළුවා” කියලා. මට සම්මාන ගොඩක් ලැබෙනවට වඩා ඒ වචනේ දැනුණා. මොකද වචනය ධනාත්මක කියවීමක්. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න සහ මගේ හොඳක් තියෙනවා නම් එය හරි අපූරුවට හඳුන්වා දුන්නු තැනක්. මම එයට ඔහුටත් ප්‍රතිචාර දැක්වුවා.

චිත්‍රපටය ගැන පොදු ප්‍රෙක්ෂක ප්‍රතිචාරය කොහොමද?

අපිට මේ තියෙන සිස්ටම් එකට මොකක් ද කරන්නේ කියලා කවුරුවත් දන්නේ නැහැ. නමුත් අපි හැමෝටම අදහසක් තියෙනවා මෙහෙම වෙන්න ඕනේ කියලා. මේ සිද්ධ වෙන දේවල් එක්ක අපි බලාපොරොත්තු වෙන දේවල් ටිකක් තියෙනවා. මේ චිත්‍රපටය නැරඹුවොත් එහි අවසානයේ සිද්ධ වෙන දේවල් ටිකක් තියෙනවා. ප්‍රේක්ෂකයන් ඒ දේවල්වලට බොහොම කැමතියි. මෙය ලංකාවේ තිරගත වෙන්න කලින් විදෙස් රටවල ඉන්න ශ්‍රී ලාංකිකයන් නැරඹුවා. ඒ අය පවා මේ නිර්මාණය බොහොම ආදරෙන් වැලඳගත්තා. සමස්තයක් විදියට තියෙන්නේ වීරයා බලෙන් ආරෝපණය කරගන්නේ නැතුව ඒ වීරකම ඇතුළෙ තියාගන්නේ කොහොමද කියන එකට ප්‍රතිචාර තියෙනවා. මම තමයි මෑන් කියලා පෙන්වන්නේ නැතුව ඒ තියෙන ශික්ෂණය. ඔහු නිලධාරියෙක්, ඔහුට යම් විනයක් තියෙනවා. ඒ ඇතුළෙ වීරයා ගොඩනැඟීම තුළ බොහෝ දෙනෙක්ගේ ප්‍රතිචාර තියෙනවා.

මෙයින් මතුවෙන දේශපාලන මත ඔස්සේ ඔබේ චරිතය තවත් දේශපාලන මතයක් වෙනුවෙන් මෙය භාවිත වෙයි කියලා හිතෙන්නේ නැද්ද?

නැහැ. මේ චිත්‍රපටය අවසානයේ තියෙන්නේ එක රටක් එක නීතියක්. ඒක තමා අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ සහ අපේ දරුවන්ගේ අනාගතය තියෙන්නේ එහෙම රටක් ඇතුළෙ. ලෝකයේ දියුණු වුණු රටවල් තියෙන්නේ ඒ සන්දර්භය ඇතුළෙ. මිනිසුන්ගේ ආකල්ප හැසිරීම් රටා මේ සියලු දේ දියුණු වෙන්නේ එක නීතියක් යටතේ. අපිට නැතිවෙලා තියෙන්නෙත් ඒකම තමා. මම කියන්නේ අපි රාජ්‍ය නිලධාරීන් විදියට හෝ පුද්ගලික අංශයේ නිලධාරීන් විදියට යම් විදියකට නිර්මාණකරුවන් හෝ වේවා තමන් අවංකව වැඩක් කරනවා නම්, ඒකට ඉඩ තියෙන රටක් තියෙනවා නම් තමන් කරන දේට වටිනාකමක් තියෙන රටක් තියෙනවා නම් අපට පක්ෂ දේශපාලනයක් අවශ්‍ය නැහැ. ප්‍රතිපත්තියක් විතරයි අවශ්‍ය.

මේ චිත්‍රපටය බලන්න ඕනේ ඇයි කියන එකට මෙහි හරි අපූරු දෙබසක් තියෙනවා. ඒ දෙබස තමයි දේශපාලඥයට මේ නිලධාරියා කියනවා…

” ඔබතුමාගේ ඔය කතාව අපේ තාත්තලා අහලා තියෙනවා. ඒ කතාව අපිත් අහලා තියෙනවා. හැබැයි ඒ කතාව අපේ දරුවෝ අහන්න ඕනේ නැහැ”

මේක පවුලේ සැමට නැරඹිය හැකි හරි අපූරු කතා තේමාවක් තියෙන සිනමා නිර්මාණයක්. අපි හැමෝම දන්නවා පොල්ගෙඩි අටක් නිසා දැරිවියකට අත්වුණු ඉරණම. ඒ වටා තමා මේ කතාව ගොඩනැඟෙන්නේ.

උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩි මිලට ඉන්ධන ගැනීම ගැන සජිත්ගෙන් සැර කතාවක් - රටේ සංචිතවලට අගතිගාමී බලපෑමක් වෙලා
19:49
Video thumbnail
FIFA 2026 තව තවත් උණුසුම් වෙයි - ප්‍රබල ජර්මනියට සහ අමෙරිකාව අන්ත අසරණ වෙයි
02:06
Video thumbnail
ගර්භණී කාලයේ මවකට හෙරෝයින් නිරාවරණය වුණොත් වෙන දේ මෙන්න - උපතින් හෙරෝයින්වලට ඇබ්බැහිවෙලා උපදින්නේ
02:18
Video thumbnail
දෙමව්පියෝ දරුවන්ගේ වැරදි වහනවා..වැරැද්ද පෙන්නුවනම් බන්ධනාගාරයේ මෙච්චර නෑ
03:56
Video thumbnail
බන්ධනාගාරයේ ඇත්තටම සිදුවෙන දේ මෙන්න..ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට - මිනිස්සුන්ව යුද්දයට යැව්වා
09:11
Video thumbnail
ලියනගේමුල්ලේ සිදුවූ බිහුසුණු අනතුර - ත්‍රීවිල් රථ රියදුරුට බරපතළ තුවාල - සංවේදි අය නැරඹීමෙන් වළකින්න
02:16
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:14:00
Video thumbnail
මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුණ කෙනා ලි#ගිකව එක්වීමේ කැමැත්තක් නෑ - මනුස්සයාගේ සතුටේ සීමාවන් කොටු කරගන්නවා
04:19
Video thumbnail
ළමා මනසට මත්ද්‍රව්‍ය රකුසා ඇතුළු වෙන හැටි කිව්ව නි.පොලිස්පති - ආදරය පිරෙව්වනම් ඇතුළු වෙන්නේ නෑ
03:53
Video thumbnail
දොඩම්ගොඩදී වාහන 5ක් ගැටී බිහිසුණු අනතුරක් - මෙන්න දැන් ලැබුණු දර්ශන
00:44