spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

එක රටක් එක නීතියක් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් යටතට

එක් රටක් සහ එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්යය සාධක බළකායක් පත්කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබෙනවා.

මෙයට අදාල ගැසට් නිවේදනයද ජනාධිපතිවරයාගේ අත්සන සහිතව ප්‍රකාශයට පත්කර තිබෙනවා.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි මෙහි සභාපතිවරයා ලෙස පත්කර ඇති අතර එහි ලේකම් ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජීවන්ති සේනානායක මහත්මිය පත්කර තිබේ.

මෙම කාර්යය සාධක බලකායේ අනෙකුත් නිලධාරීන් වන්නේ මහාචාර්ය දයානන්ද බණ්ඩා, මහාචාර්ය ශාන්තිනන්දන විජේසිංහ, මහචාර්ය සුමේධ සිරිවර්ධන, එන්.ජී සුජිත් පණ්ඩිතරත්න, නීතිඥ ඉරේෂ් සෙනෙවිරත්න, නීතිඥ සංජය මාරඹේ, එරන්ද නවරත්න, පානී වෑවල, මවුලවි මොහෙමෙඩ්, කථිකාචාර්ය මොහොමඩ් ඉන්තිකාබ්, කලීල් රහුමාන් සහ අසීස් නිසාර්දීන් යන මහත්වරුන්.

ශ්‍රී ලංකාව තුළ එක රටක් සහ එක නීතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඒ සඳහා පනත් කෙටුම්පත් සකස් කිරීම එම කාර්යය සාධක බළකායට පැවරි තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?