එකොළොස් වසරකට පසු පන්ජාබ් රජවරු IPL අවසන් මහා තරගයකට

වසර 11 කට පසු අයි.පී.එල් තරගාවලියක අවසන් මහා තරගක් සඳහා සුදුසුකම් ලබන්නට පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට ඊයේ (01) රාත්‍රියේ හැකියාව ලැබුණා.

ඒ, මෙවර අයි.පී.එල් තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ දෙවැනි තරගයේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරාජයට පත්කරමින්.

අහමදාබාද් හිදී පැවති මෙම තරගය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරාජය කරමින් පන්ජාබ් කිංග්ස් කණ්ඩායම ජයගත්තේ කඩුලු 05කින්.

වර්ෂාවෙන් බාධා එල්ල වී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් මුම්බායි පිතිකරුවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී ලකණු 203ක් සිය ලකුණු පුවරුවට එක් කළා.

මුම්බායි ඉනිම වෙනුවෙන් තිලක් වර්මා සහ සුර්යකුමාර් යාදෙව් ලකුණු 44 බැඟින් රැස්කළ අතර, අස්මතුල්ලා ඔමාර්සායි මුම්බායි ඉනිමේ කඩුලු 02ක බැඟින් දවාගත්තා.

අනතුරුව ලකුණු 204ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි පන්ජාබ් ක්‍රීඩකයින් අදාළ ඉලක්කය පාන්දුවර 19ක් තුළ කඩුලු 05ක් පමණක් දැවී පහසුවෙන් පසුකර ගියා.

එහිදී පන්ජාබ් ඉනිම ජයග්‍රහණය කරා රැගෙන යාමේ වගකීම භාරගත් නායක ශ්‍රෙයාස් අයියර් පන්දු 41ක් තුළ නොදැවී ලකුණු 87ක් රැස්කළේ හයේ පහර 08ක් සහ හතරේ පහර 05ක් ද සමඟින්.

ඊට අමතරව නෙහාල් වධේරා පන්දු 29කදී ලකුණු 48ක් රැස්කරමින් පන්ජාබ් ජයග්‍රහණයට දායක වුණා.

ඒ, අනුව මෙම තරගය මුම්බායි පිළ පරදා ජයගත් පන්ජාබ් කිංග්ස් කණ්ඩායම හෙට (03) රෝයල් චැලේන්ජස් බැංගලෝර් කණ්ඩායම සමඟ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගත්තා.

මේ අතර අයි.පී.එල් කණ්ඩායම් තුනක් අවසන් මහා තරගය සඳහා රැගෙන ගිය පළමු නායකයා බවට ශ්‍රෙයාස් අයියර් වාර්තා අතරට එක් වුණා.

මීට පෙර ඔහු දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම්වලට නායකත්වය ලබාදෙමින් එම කණ්ඩායම් දෙක අයි.පී.එල් අවසන් මහා තරග සඳහා කැඳවාගෙන ගොස් තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49