spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

“එකෙක්ටවත් උඹව හැමදාම හිරගෙදර තියන්න බැහැ.. උඹ එළියට එන්නේ වීරයෙක් වෙලා”

රන්ජන් රාමනායක තවමත් ඉන්නේ බන්ධනාගාර ගතව..
අවස්ථා කිහිපයකදීම රන්ජන් රාමනායකට ජනපති සමාව ලබාදිය යුතුයි කියන කතාව කරළියට ආවා.
නමුත් එය සිදුවුණේ නැහැ.
කොහොම වුණත් රන්ජන්ව බලන්න බල්ධනාගාරයට ගිය ඔහුගේ සමීපතමයෙක් තැබූ සටහනක් තමයි මේ…

කොළඹ ගෙනාවට පස්සේ උඹව බලන්න වැලිකඩ බන්ධනාගාරයට මම ආව පලමු දවස අද.
අගුණකොලපැලැස්සේ හිටියට වඩා ඇත්තටම උඹ ගොඩක් සතුටින් කියලා මට දැනුනා මචන්..
අද ඒ හිටපු කාලයෙත් අපි කළේ හැමදාම වගේ අපේ පරණ පිස්සු දේවල් මතක් කර කර හිනා වුණු එකම තමයි.
එකම දුක අර හදාගන ගිය කකුලුවො ටික උඹට දීගන්න බැරිවුණු එක විතරයි.
උඹත් පොඩි එකෙක් වගේ ඉල්ලන්නෙම ඒ කකුලුවෝ ටික..
උඹව මතක් කරන් ඒක මම අද කන්නම්..උඹට නොදී ඒව අපි කෑවොත් අර අපිට සිද්දවෙන්න ඕන කියල කියපු දේ සිද්ද නොවේවා කියල ප්‍රාර්ථනා කරනවා.
උඹ ඇත්තටම දැන් ඔය ජීවිතේට පුරුදු වෙලා කියලා මට හිතුනා.
කවදාවත් නැති තරම් හරිම සැහැල්ලුවෙන් උඹ මුලු කාලයේම හිටියේ..
උඹ කියපු සමහර දේවල් මේකෙ ප්‍රසිද්දියේ කියන්න බැරි ගොඩක් රසවත් සිද්දි.. අද උඹ කිව්ව මේ අමාරුම කාලේ අපිත් එක්ක,උඹ වෙනුවෙන් වචනයකින් හරි හිටපු කිසිම කෙනෙක්ව උඹ එලියට ආවයින් පස්සේ කවදාවත් අමතක කරන්නෙ නැහැ කියපු එකට නම් ඇත්තටම මටත් හොඩක් සන්තෝශයි මචන්.
උඹ අනාගත මැතිවරණයක තීරණාත්මක සාධකයක්.
එකෙක්ටවත් උඹව හැමදාම හිරගෙදර තියන්න බැහැ..
දවස් ඉක්මනට මේ ගෙවුනා වගේම ගෙවීගෙන යයී..උඹ එලියට එන ඒ දවස කවද වුණත්, උඹ එන්නේ ජතාවගේ වීරයෙක් වෙලා කියල මට විස්වාශයි රන්ජෝ..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
142
Subscribe
Notify of
5 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?