එකා සේ එකතු වුණු අරගලයේදී මනුස්සකම උතුරා ගිය හැටි

අද මහජන විරෝධතාවෙදී මං දැක්කා…
උගුර කට ලේ රහ වෙනකං කෑගහන පොඩි කොල්ලෝ කෙල්ලෝ..
උන් සහ හිටපු හැමෝටම නොමිලේ වතුර බෙදපු මිනිස්සූ…
පොඩි උන් එක්ක පවුල පිටින්ම ආපු දෙමව්පියෝ..
පාර අතුගාන මිනිස්සුන්ගේ ඉදලා ලොකු පුටුවල රස්සා කරන මිනිස්සු…
කී.මී. ගානක් බෝඩ් උස්සන්, බැනර් උස්සන් ගෝල්ෆේස් එකේ දෙකෙලවර ඇවිද්ද කොල්ලෝ කෙල්ලෝ…
බීපූ හිස් වතුර බොතල් ටික ලස්සනට එක තැනකට ගොඩ ගහගෙන හිටපු මිනිස්සු..
බිම වැටුනු පුංචි පුංචි කොල කෑලි,බෝතල් සීල් ටික එකතු කර කර යන මිනිස්සූ…
තමන්ට දැනෙන සටන් පාඨය ලියන් ඇවිත් කෑගහන කොල්ලෝ කෙල්ලෝ…
පාඩුවේ තම විරෝධතා බෝඩ් එක උස්සගෙන එක තැනට වෙලා හිටගෙන විරෝධය පෑ මිනිස්සූ..
ගෑණු පිරිමි භේදයක් නැතිව නන්නාදුනන අය අතරේ එකට එක්ව විරෝධතා පාඨ කියපු කොල්ලෝ කෙල්ලෝ…
ළඟ ඉන්න එකාට බිස්කට් වතුර වගේම ගෙනාපු දේ බෙදාගත්ත මිනිස්සු….
දුප්පත් පොහොසත් භේදයක් නැතිව කට්ට කාගෙන බෝඩ් එල්ලන් කෑ ගහපු මිනිස්සු…
අපි වෙනුවෙන් බෝඩ් උස්සගෙන හිටපු විදේශීය මිනිස්සූ…
දාඩිය පෙරාගෙන විරෝධතා පාඨ කියපු කොල්ලෝ වගේම කෙල්ලෝ..
සිග්නල් බ්ලොක් කෙරුවද එහෙ මෙහෙ දුව දුව ෆේස්බුක් එකේ ලයිව් දාලා මෙතනට නාපු අයට මේක පෙන්නන්න හදපු මිනිස්සූ…
තමාට රිසි විදිහට ලවුඩ්ස්පීකර් උස්සගෙන්, වටේ කෑ ගගහා සිංදු කිය කිය අද වැඩ්ට සප් එක දුන්න ම්නිස්සූ….

ඉස්සර අපේ මිනිස්සූ හැදෙන්නේ නෑ කියලා හිතුවට දැන් මුන් ඔක්කොම ටික ටික හැඩගැහෙනවා හරි විදිහට..
මුන් දැන් ස්වයංවිනයකින් හැදෙනවා.. මේ ගැටලුව පොදුයි, පක්ෂ නෑ, පාට නෑ, ලොක්කෝ නෑ.. මහජන වරම දුන්න රටේ බලවත්ම පුද්ගලයන් වන අපිමයි මේ කරන්නේ..
අපි බලයට පත් කරපු ඒ රාජපක්ෂ කැල සහ දූෂිත පාලකයන්ව එලවන්නයි මේ කරන්නේ.. ආයේ උන්ට රටේ තැනක් ලැබෙන්නේ නෑ.. ආයේ රටේ VIP වෙන්නේ Ambulance විතරයි.. ආයේ රටේ ගරු කරන්නේ ගුණගරුක මිනිස්සුන්ට විතරයි..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' | නොච්චියාගම මහ රැළිය
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36