එක් රැයකින් IPL පිටියේ වාර්තා පිට වාර්තා පිහිට වූ අවුරුදු දාහතරේ රාජකීය කුමාරයා

අයි.පී.එල් තරග ඉතිහාසයේ දෙවන වේගවත්ම ශතකය වාර්තා කරන්නර රාජස්ථාන් රෝයල්ස් ක්‍රීඩක වෛභව් සූර්යවංශිට ඊයේ රාත්‍රියේ හැකියාව ලැබුණා.

එමෙන්ම අයි.පී.එල් පිටියේ ශතකයක් රැස්කළ ලාබාලතම ක්‍රීඩකයා බවට පත්වන්නට ද, තවමත් 14 හැවිරිදි වියේ පසුවන වෛභව් සූර්යවංශිට හැකියාව හිමිවීම විශේෂතාවයක්.

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමඟ ඊයේ (28) ජායිපූර් හිදී පැවති තරගයේ දී මෙම දස්කම දක්වන්නට ඔහුට හැකියාව ලැබුණා.

මෙම තරගයේ දී පන්දු 35ක් තුළ ශතකය වාර්තා කරන්නට වෛභව් සූර්යවංශි සමත් වූ අතර, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය ඔහු පන්දු 38කට මුහුණ දෙමින් ලකුණු 101ක් රැස් කළා.

ගුජරාට් පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් එල්ල කළ සූර්යවංශි සිය ඉනිම දැවැන්ත හයේ පහර 11කින් සහ හතරේ පහර 07කින් වර්ණවත් කර ගත්තා.

මේ අතර සූර්යවංශි මෙම තරගයේ දී අර්ධ ශතකය රැස්කිරීමට පන්දු 17ක් පමණක් වැයකළ අතර, එය මෙවර අයි.පී.එල් තරගාවලියේ පිතිකරුවෙක් රැස්කළ වේගවත්ම අර්ධ ශතකය ලෙසට ද වාර්තා පොත් අතරට එක්වනවා.

රාජස්ථාන් රෝයල්ස් සහ ගුජරාට් ටයිටන්ස් අතර ඊයේ (28) පැවති මෙම තරගය කඩුලු 08කින් ජයගන්නට රාජස්ථාන් කණ්ඩායමට හැකියාව ලැබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් වාහන මිල සෑහෙන්න අඩුවෙලා - වාහන ගන්නවානම් හොඳ අවස්ථාවක් මේ
02:36
Video thumbnail
කෝච්චි එන්ජිමේ එල්ලිලා ආපු අය කිව්ව දේ - පාලකයෝ හරියට ඉන්න ඕන හදන්නනම් - ටිකට් කඩන් නෑ හොදයි
01:28
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - ගොඩක් අඩුයි කෝච්චි - සියලු දේම අඩාලයි..බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
04:25
Video thumbnail
පාවිච්චි කළ වාහන ගෙන්වන එකද ලාභ Brand New වාහන ගේන එකද ?
05:46
Video thumbnail
ශ්‍රී ලංකාව කලාපීය මූල්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බව සජිත් කියයි
02:47
Video thumbnail
ජල ගැල්මට ලක්වූ නිවාසවල ජනතාවට පිසු ආහාර ලබා දීමේ උතුම් ක්‍රියාව
01:59
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
00:59
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03