spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

එක් දරු මවක් ඝාතනය කෙරේ

කිරිඳිවැල – මීවිටිගම්මන ප්‍රදේශයේ පදිංචි ව සිටි කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

මෙම සිදුවීම ඊයේ පස්වරුවේ ඇයගේ නිවස තුළ දීයි සිදු ව ඇත්තේ.

මරණකාරියගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය සිදු කර තිබෙනවා.

කිරිඳිවැල පොලිසිය පැවසුවේ; මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 34 හැවිරුදි එක් දරු මවක් බවයි.

ඝාතනයට ලක් වූ කාන්තාවගේ සැමියා විදේශගත ව සිටින බවට ද තොරතුරු වාර්තා වනවා.

ඇය මෙම නිවසෙහි පදිංචි ව සිට ඇත්තේ සිය අවුරුදු එකහමාරක් වන දියණිය, සැමියාගේ මව, පියා සහ සහෝදරයා සමගයි.

ඝාතනයෙන් පසුව සැමියාගේ සහෝදරයා හෙවත් මස්සිනා නිවසින් අතුරුදන් ව ඇති බවත් වාර්තා වනවා.

ඝාතනයට මෙතෙක් හේතුවක් හෙළි වී නොමැති අතර, මෘත දේශය වතුපිටිවල මූලික රෝහලේ තැන්පත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
2
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?