රුපියල් එක් කෝටි පනස් පන් ලක්ෂ හැට දහසක් වටිනා ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි විදේශීය ගුවන් මගියෙකු අද (24) අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු 36 හැවිරිදි ඉන්දීය ජාතික ගුවන් මගියෙක්.
සැකකරු මෙම ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන, ඉන්දියාවේ බැංගලෝර් නුවර වෙත පැමිණ , එතැන් සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ – 1183 දරන ගුවන් යානයෙන් අද දින අලුයම 12.00 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ ඇසුරුම් 03 ක් ලෙස සකස් කර , මෙම ” කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 556 ක ප්‍රමාණයක් සොයා ගෙන ඇති බව වාර්තා වනවා.
මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා මෙම ගුවන් මගියා සහ ඔහු විසින් රැගෙන ආ ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගය අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.














most indian paki tourists are just drug smugglers.