එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැන හෙළි වූ අලුත්ම කතාව මෙන්න

ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා, ප්‍රධාන ඉංජිනේරුවරයා සහ සහයක ඉංජිනේරුවරයාට රටින් පිටවීම වළක්වාලමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ නියෝගයක් නිකුත් කළා.ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් කළ ඉල්ලීමක් අද සලකා බැලූ අවස්ථාවේදියි.

මෙහිදී අතිරේක මහේස්ත්‍රාත්වරයා ඔවුන් තිදෙනාට මේ මස 7 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කිරීමට නියෝග කළා.

එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් සමඟ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ට නෞකාව අනතුරට පත් ස්ථානයට ගොස් විමර්ශණ සිදු කිරීමටද අවසර දුන් අතිරේක මහේස්ත්‍රාත්වරයා ඊට සහාය ලබාදෙන ලෙස නාවික හමුදාපතිවරයාට නියෝග කළා.

අවශ්‍ය කරන ලේඛන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙමින් විමර්ශන කටයුතු වලට සහාය දෙන ලෙස නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ සභාපති අර්ජුන හෙට්ටිආරච්චිට අතිරේක මහේස්ත්‍රාත්වරයා තවත් නියෝගයක් ලබා දුන්නා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියේ මෙටි්‍රක් ටොන් 55ක ධාරිතාවයකින් යුත් නයිටි්‍රක් අම්ල පුරවාගත් බහාලුම් අඩංගු මෙම නෞකාවේ අන්තර්ගතව තිබූ එක් බහලුමක රසායනික ද්‍රව්‍ය කාන්දුවක් ඇතිව තිබු බවත් සඳහන් කළා.

මේ නිසා අදාළ නෞකාව කටාර් සහ ඉන්දියානු වරායන් වෙත ඇතුළත් කර ගැනීම ප්‍රතික්ෂේප කර තිබූ බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අදාළ නෞකාවේ රසායනික ද්‍රව්‍ය කාන්දුවක් සහ ගිනි ගැනීමක් පවතින බව දැනගෙන ඒ බව දැනුම් දීමකින් තොරව කොළඹ වරායට ඇතුළු වී ඇතැයි ප්‍රකාශ කළා.

අන්තර්ජාතික නාවික සම්මුතීන්ට අනුව යම් නෞකාවක අනතුරක් පවතින අවස්ථාවක ඒ බව යම් වරායකට ඇතුළු වීමට පැය 72කට පෙර අදාළ වරාය වෙත දැනුම් දිය යුතුයි.

එහෙත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා හෝ එහි දේශීය නැව් සමාගමේ නියෝජිතයා අදාළ නෞකාවේ අනතුරක් පවතින බවට ශ්‍රී ලංකාවේ බළධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන නොමැති බවට ද ඔහු චෝදනා කළා.

ඒ අනුව දැනට සිදුකරන ලද විමර්ශණවලට අනුව සමූද්‍ර දූෂණ වැලැක්විමේ පනත, අපරාධ නඩු විධාන සංග්‍රහය, දණ්ඩ නීති සංග්‍රහය සහ වනජීවි හා වෘක්ෂලතා ආඥා පනත යටතේ බැලූ බැල්මටම වරදවල් සිදුකර ඇති බවයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියේ.

මේ අතර, අදාළ නෞකාවට එය මුදා ගැනීම සඳහා පැමිණි සමාගමේ කිමිදුම්කරුවන් 3 දෙනෙකු ගොඩ වී නිරීක්ෂණයක නිරත වූ බවයි නාවික හමුදා මාධ්‍ය අංශය සදහන් කළේ. එමෙන්ම ජලය කිදා බැසීම හේතුවෙන් නෞකාවේ පසුපස කොටසේ සුළු පහළ යාමක් දක්නට ලැබෙන බව ද නාවික හමුදාව කියා සිටියා.

එමෙන්ම, නාවික හමුදාවේ කිමිදුම්කරුවන් 9 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ද නැවේ ඇති වූ ගින්න පිළිබදව සොයා බැලීම සඳහා පිටත්ව යාමට නියමිතයි.

මේ අතර, පමුණුගම මුහුද ආශ්‍රිතව තෙල් පැල්ලමක් නිරීක්ෂණය වන බවට සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය අද ප්‍රකාශ කළා. එම තෙල් පැල්ලම ගිනිගැනීමට ලක්වූ එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ තෙල් කාන්දුවක්ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ.එමෙන්ම, එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමත් සමඟ සාගරයට අපද්‍රව්‍ය එක්වීම හේතුවෙන් වෙළඳපොලේ ලුණු හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවත්, අඩු මිලට සතොස හරහා ලුණු මිලදී ගැනීමට ඇති බවයි වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපරාධ සහ රිය අනතුරු අවම කරන්න වැල්ලවායේ පොලිසිය ත්‍රීරෝද රථවල ස්ටිකර් අලවයි
01:18
Video thumbnail
දුම්රිය වැඩවර්ජනය සාර්ථකයි - දුම්රිය පද්ධතිය අඩාලවෙලා..විෂයභාර ඇමති පම්පෝරි ගහනවා
08:21
Video thumbnail
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයට එරෙහිව පැමිණිල්ලක් - විශාල මූල්‍ය අලාභයක් කරලා..පාඩුව තෙගුණ වෙනවා
04:51
Video thumbnail
අනුර එදා වමට සිග්නල් දාල දකුණෙත් එහාට ගිහින් - සමාජවාදය ෆේල් - ධනය උපයන්න බෑ
07:23
Video thumbnail
සජබයත් - එජාපයත් එකට එකතු වෙනවා..අපි දකුණටත්, වමටත් නෙවෙයි - JRගේ මැද මාවතේ
05:26
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් අධිකරණයෙන් එළියට ආ හැටි - අධිකරණය අසළ උණුසුම්
01:53
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00