එක්ස්ප්‍රස් පර්ල් ඉවත් කර ගැනීමේ අධ්‍යයනය ඇරඹෙයි

කොළඹ වරාය ආසන්නයේදී මුහුදුබත්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ඉවත්කරගැනීමේ මෙහෙයුම සඳහා පැමිණි විශේෂ නෞකාවේ පිරිස මේ වන විට එහි අධ්‍යයන කටයුතු සිදුකරමින් පවතින බව සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.

ඒ අනුව නෞකාව ඉවත්කරගැනීමේ ආකාරය සම්බන්ධයෙන් සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය දැනුවත් කරන ලෙසට අදාළ සමාගමට උපදෙස් ලබා දී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.