‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ විශේෂ අභියාචන පෙත්සමට දින නියම වෙයි

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ශ්‍රී ලංකා මුහුදු වෙරළේ ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම නෞකාව අයත් සී කොස්ටෝඩියම් සමාගමට එරෙහිව කොළඹ මහාධිකරණය පවරා ඇති නඩුව ඉවත දමන්නැයි ඉල්ලා එම සමාගම ඉදිරිපත් කළ විරෝධතාව ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව අදාළ සමාගම ගොනුකළ විශේෂ අභියාචන පෙත්සම නොවැම්බර් 04 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන අචල වෙන්ගප්පුලි සහ මේනකා විජේසුන්දර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ අභියාචන පෙත්සම කැඳවනු ලැබුවා.

සී කොස්ටෝඩියම් සමාගම ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා නම් කර තිබෙනවා.

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ශ්‍රී ලංකා මුහුදු වෙරළේ ගිනිබත් වීමෙන් අනතුරුව සී කොස්ටෝඩියම් නමැති තම සමාගමට එරෙහිව නිතිපතිවරයා කොළඹ මහාධිකරණයේ නඩු පැවරූ බවත් එම නඩුව ඉවත දමන්නැයි තමන් ඉදිරිපත් කළ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කිරීම හේතූවෙන් තමන් ඉදිරිපත් කළ අභියාචන පෙත්සම අභියාදනාධිකරණය නිෂප්‍රභ කළ බව සඳහන් කරමින් පෙත්සම්කාර සමාගම මෙම විශේෂ අභියාචනා පෙතසම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

නීතිපතිවරයා වෙනුවෙන් නියොජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා පෙනී සිටි අතර වගඋත්තරකාර සමාගම වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන රොමේෂ් ද සිල්වා” සරත් ජයමාන්න සහ සංජීව ජයවර්ධන යන මහත්වරු පෙනී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12