එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරට නඩු පැවරීම ගැන සාකච්ඡාවක්

මෙරට මුහුදු සීමාවේදී පසුගිය 2021 වසරේ මැයි මස 19 වැනි දින සිදුවූ එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරට අදාළව සිදුව ඇති පරිසර හානිය සහ ඊට අදාළ වන්දි මුදල් අයකර ගැනීම සම්බන්ධයෙන් පරිසර කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා වීතිබෙනවා .

පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ සභාපතීත්වයෙන් පැවති මෙම කාරක සභාවට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, නීතිපති දෙපාර්තමේන්තුව, පරිසර හානි ඇගයීම් කමිටු විද්‍යාඥයින්, සමුද්‍ර සහ පරිසර නීති විශාරදයින්, ධීවර ප්‍රජාව සහ පරිසර සංවිධාන නියෝජනය කරමින් නියෝජිතයන් කැඳවා තිබුණා.

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරෙන් සිදුව ඇති හානියට අදාළව තක්සේරු කර ඇති ඩොලර් බිලියන 6.2 ක වන්දි මුදල ලබා ගැනීමේ සිවිල් නඩුව පැවරිය යුත්තේ ශ්‍රී ලංකාවේ ද නොඑසේනම් සිංගප්පූරුවේ ද යන්න පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණා.

මහාචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන මහත්මිය සහ මහාචාර්ය අජිත් ද අල්විස් මහතාගේ සම සභාපතීත්වයෙන් යුත් විද්වත් කමිටුවක් මගින් මෙම අනතුර නිසා හානියට ලක්වූ එක් එක් ක්ෂේත්‍රයන්ට අදාළව ඩොලර් බිලියන 6.2 කට ආසන්න තක්සේරුවක් ලබා දී ඇති බවත් මෙහිදී අනාවරණය වී තිබෙනවා.

මෙහිදී අදහස් දක්වමින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ අසේල රැකව මහතා පවසා සිටියේ මෙම නෞකා අනතුරට අදාළව වන්දි ලබා ගැනීමට සිවිල් නඩුවක් පැවරීම සම්බන්ධ තීරණයක් ගැනීමට සාගර නීතිය ඇතුළු නීති කටයුතු සම්බන්ධ ප්‍රවිණ නීීතිඥවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කළ බවත් එම කමිටුවේ තීරණය වූයේ නඩු පැවරීම මෙරටට සිදු කිරීම කළ යුතු බවයි.

එහෙත් මේ සදහා සිංගප්පූරුවේ නඩු පැවරීමට කැබිනට් අනුමතියක්ද හිමිව ඇති බවත් ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව ඒ සදහා කටයුතු කරන බවත් මෙහිදී අනාවරණය වුණා.

එසේම නීතියට අනුව තවත් දින 58ක් තුළ මෙම නඩු පැවරීම සිදු කළ යුතු බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් පෙන්වා දුන්නේ.

සිංගප්පූරුවේ නඩු පැවරීම හරහා ශ්‍රී ලංකාවට යම් අවාසියක් සිදුවූයේ නම් එහි වගකීම ගන්නේ කවුරුන්ද යන්නත් මෙහිදී අවධානය යොමු වී තිබෙනවා.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින් මේවන විටත් සිදුකරන ලබන වෙරළ පිරිසිදු කිරීම්, හානිපූර්ණය ගණනය ඇතුළු කටයුතු සදහා නෞකාවේ රක්ෂණ සමාගමෙන් මුදල් ලබා දීම නතර කිරීම පිළිබදවද කාරක සභාවේ අවධානය යොමු වුණා.

එසේම අනතුර සම්බන්ධයෙන් සිදුවූ හානිය පිළිබද තක්සේරු කිරීම සදහා පත් කළ විද්වත් කමිටුවට කිසිදු අවස්ථාවක මෙම නෞකාව තුළට සහ ඒ අසලට යාමට අවසර ලබා නොදීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ බව සඳහන්.

ඒ අනුව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර නීතිමය කරුණු නිරවුල් කර ගැනීම, විද්වත් කමිටුවට සිය පර්යේෂණ සඳහා මුල්‍ය පහසුකම් ලබා ගැනීම සහ පර්යේෂණ සඳහා නැවට ළඟාවීමට පවතින නීතිමය බාධාවන් නැතිකර ගැනීම යනාදී කරුණු වැඩිදුරටත් සමාලෝචනය කිරීම සඳහා ඉදිරියේදී අදාළ පාර්ශ්ව මෙම ආංශික අධීක්ෂණ කාරක සභාවට නැවත කැඳවීමටයි තීරණය වූයේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපරාධ සහ රිය අනතුරු අවම කරන්න වැල්ලවායේ පොලිසිය ත්‍රීරෝද රථවල ස්ටිකර් අලවයි
01:18
Video thumbnail
දුම්රිය වැඩවර්ජනය සාර්ථකයි - දුම්රිය පද්ධතිය අඩාලවෙලා..විෂයභාර ඇමති පම්පෝරි ගහනවා
08:21
Video thumbnail
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයට එරෙහිව පැමිණිල්ලක් - විශාල මූල්‍ය අලාභයක් කරලා..පාඩුව තෙගුණ වෙනවා
04:51
Video thumbnail
අනුර එදා වමට සිග්නල් දාල දකුණෙත් එහාට ගිහින් - සමාජවාදය ෆේල් - ධනය උපයන්න බෑ
07:23
Video thumbnail
සජබයත් - එජාපයත් එකට එකතු වෙනවා..අපි දකුණටත්, වමටත් නෙවෙයි - JRගේ මැද මාවතේ
05:26
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් අධිකරණයෙන් එළියට ආ හැටි - අධිකරණය අසළ උණුසුම්
01:53
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00