එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් වූ හානිය තවත් වසර 500ක් ඉදිරියටත්?

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදු බත්වීම නිසා සිදුවී ඇති හානිය තවත් වසර 500ක පමණ කාලයක් මෙරට ජනතාවට විදීමට සිදුවන බව පරිසර යුක්ති කේන්ද්‍රයේ ජේෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ මහතා පවසනවා.

අදාළ නැව තුළ ආසන්න වශයෙන් මෙට්‍රික් ටොන් 80,000 ක පමණ නොයෙකුත් රසායණික ද්‍රව්‍ය තිබූ බව කරන ලද සොයා බැලීම්වලදී අනාවරණය වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එතරම් විශාල රසායණික ද්‍රව්‍ය ප්‍රමාණයක් මුහුදු බත් වුව ද ගෙවී ගිය වසර 2ක කාලය තුළ මෙරට මුහුදු තීරයේදී එකතු කර ගැනීමට හැකි වී ඇත්තේ විවිධ වර්ගයේ අප ද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 1470 ක ප්‍රමාණයක් පමණක් බව ඔහු පෙන්වා දෙනවා.

ඒ අනුව අනුමාන කළ හැකි වන්නේ නැවේ තිබූ ඉතිරි ප්ලාස්ටික් ඇතුළු රසායණික ද්‍රව්‍ය සියල්ල මෙරට මුහුදු සීමාවේ ගිලී යන්නට ඇති බවයි පරිසර යුක්ති කේන්ද්‍රයේ ජේෂ්ඨ උපදේශකවරයා සඳහන් කරන්නේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ හේමන්ත විතානගේ මහතා මෙසේද පැවසීය.

2021 මැයි මාසේ 19 වෙනිදා කටාර් රාජ්‍යයෙන් ගමන් ආරම්භ කළ එක්ප්‍රස් පර්ල් නෞකාව 20 වෙනිදා මෙරට මුහුදු තීරයේදී ගිලී යාම ආරම්භ වනවා. නෞකාවේ තිබූ නයිට්‍රේට් ඇසිඩ් කාන්දුවක් හේතුවෙන් නැව ගිලී යාමට පටන් ගත් බවයි අපිට වාර්තා වුනේ.මැයි මාසේ 25 වෙනිදා එම නැව පුපුරා යාමකට ලක් වෙනවා.ජූනි මාසයේ 02 වෙනිදා වන විට එක්ප්‍රස් පර්ල් නෞකාව සම්පූර්ණයෙන්ම මෙරට මුහුදු තීරයේ නාවුක සැතපුම් 09 ක් පමණ දුරින් ගිලී යනවා.

නැව අනතුරට පත් වන විට එහි කන්ටේනර් 1686 ක් තිබුණා. එම කන්ටේනර් අතරින් විශාල ප්‍රමාණයක් නැව ගිලී යාමත් සමග මුහුදට වැටෙනවා.එම කන්ටේනර් වල තිබූ ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් 6700 ක ප්‍රමාණයක් මුහුදට ගලා ගෙන යනවා. මෙම ප්ලාස්ටික් වලට අමතරව තවත් රසායණික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ඒ සමගම මුහුදු බත් වීමක් සිදු වනවා.මෙම නැව තුළ ආසන්න වශයෙන් මෙට්‍රික් ටොන් 80,000 ක පමණ නොයෙකුත් රසායණික ද්‍රව්‍ය තිබූ බව තමයි අප විසින් කරන ලද සොයා බැලීම් වලදී අනාවරණය වී ඇත්තේ.

එතරම් විශාල රසායණික ද්‍රව්‍ය ප්‍රමාණයක් මුහුදු බත් වුනත් ගෙවී ගිය වසර 02 ක කාලය තුළ මෙරට මුහුදු තීරයේදී එකතු කර ගැනීමට හැකි වී ඇත්තේ විවිධ වර්ගයේ අප ද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 1470 ක ප්‍රමාණයක් පමණයි.ඒ අනුව අපට අනුමාන කළ හැකියි නැවේ තිබූ ඉතිරි ප්ලාස්ටික් ඇතුළු රසායණික ද්‍රව්‍ය සියල්ල මෙරට මුහුදු සීමාවේ ගිලී යන්නට ඇති බව.ඒ අතර ආසන්න වශයෙන් බිලියන 85 ක් පමණ වන ප්ලාස්ටික් පබළු තිබෙන බවත් අපි අමතක නොකළ යුතු වනවා.එම ප්ලාස්ටික් පබළු මිලි මීටර් 05 ට අඩු නිසා අපි ඒවාට කියන්නේ මයික්‍රෝ ප්ලාස්ටික් කියලයි.

මෙම මයික්‍රෝ ප්ලාස්ටික් පරිසරයට ඉතාමත්ම අහිතකරයි.එම ප්ලාස්ටික් මාළුන්ගේ ශරීරයට ඇතුළු වී කුඩා කැබළි බවට පත් වීමට ඉඩ තිබෙනවා. අප මේ සම්බන්ධයෙන් සිදු කළ පර්යේෂණයක වාර්තාවක් මේ වන විට එළි දක්වා තිබෙනවා.එම පර්යේෂණයේදී අප විසින් අවදාරණය කර ගත් කරුණක් වන්නේ මුහුදු බත් වී ඇති ප්ලාස්ටික් පබළු තුළ පිළිකා කාරක සහිත රසායණික ද්‍රව්‍ය තිබෙන බව.

ඒ වගේම පසුගිය වසරේ ඔක්තොම්බර් සිට දෙසැම්බර් මාසය දක්වා වන කාලය තුළ ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ සත්ත්ව විද්‍යා අංශයේ ජේෂ්ඨ මහාචාර්ය පද්මලාල් මානගේ මහතා සහ ඒ මහතාගේ පර්යේෂණ කණ්ඩායම සමග එක්ව දීර්ඝ කාලීන පර්යේෂණයක අප නරත වුණා.මෙහිදී මහඔය මෝය කටේ සිට බෙන්තොට දක්වා ස්ථාන 11 ක සහ ගිලී ගිය නැව ආසන්නයට ගොස් එම ස්ථාන වල ජල සහ සත්ත්ව සාම්පල ලබා ගැනීමට අපි කටයුතු කලා.

එහිදී මුහුදේ ජීවත් වන බෙල්ලන්,හාල්මැස්සන්,හුරුල්ලන් වැනි මත්ස්‍යන් සම්බන්ධයෙන්ද අවදානයක් යොමු කරණු ලැබුවා.එහිදී අපට විශේෂයෙන් අනාවරණය වුනේ නැව අවට නයිට්ට්‍රෙට් සහ පොස්පේට් විශාල වශයෙන් තිබෙන බවයි.

නැවේ තිබී මුහුදු බත් වූ යූරියා ඇතුළු රසායණික ද්‍රව්‍ය එම තත්ත්වයට හේතුව බව අපි විශ්වාස කරනවා.ඒ වගේම නැව ආසන්නයේදී ලබා ගත් සාම්පල වල නිකල්,කැඩ්නියම්,ක්‍රෝමියම් වැනි බැර ලෝහයන් විශාල වශයෙන් දකින්නට ලැබුණා.ඒත් සමගම කර්මාන්ත සදහා භාවිතා කරන බියුටිලේන් නම් රසායණික ද්‍රව්‍යයද මුහුදට එකතු වී ඇති බව නැව ආසන්නයේදී ලබා ගත් සාම්පල වල තිබූ බවට අනාවරණය වී තිබෙනවා.නමුත් බෙන්තොටදී ලබා ගත් සාම්පල වල මෙම රසායණික ද්‍රව්‍ය අඩංගු වී තිබුනේ ඉතාමත්ම අඩු වශයෙන්.

ඒ අනුව අපට අනුමාන කළ හැක්කේ ගෙවී ගිය වසර 02 ක කාලය තුළ අපේ ආහාර දාමයන් ඔස්සේ මෙම රසායණික ද්‍රව්‍යන් ගමන් කරන්නට පටන් ගෙන ඇති බවයි. ඒ අනුව සිදුවී ඇති හානිය වසරකින් දෙකකින් අවසන් වේවි කියා හිතන්න අපිට හැකියාවක් නෑ.එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් පිටත ආ රසායණික ද්‍රව්‍ය ආහාර දාමය හරහා ක්‍රමයෙන් ගමන් කිරීම නිසා අවම වශයන් වසර 500 ක කාලයක් පවතින්න පුළුවන් බවයි අපට විශ්වාස කළ හැක්කේ. අප විසින් සිදු කළ පර්යේෂණය මෙතනින් නරත නොකර තව දුරටත් ඉදිරියට කර ගෙන යා යුතු බවත්,සිදුවී ඇති සහ සිදු වෙමින් පවතින විනාශයන්ට කඩිනමින් පිළියම් යෙදීමක්ද ඒ සමගම කළ යුතු බවටයි අපි විශ්වාස කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38