එක්ස්ප්‍රස් පර්ල් නැවට නඩු දාන හැටි තීරණය කරන්න විශේෂ රැස්වීමක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ආසන්නයට ගොස් අදාළ පරීක්ෂණ සිදු කිරීමට මීපා සහ නාරා ආයතන එක්ව පහසුකම් සලසන ලෙසට පරිසරය පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව දැනුම් දී තිබෙනවා.

නඩු පැවරීම පිළිබද අවසන් තීරණය ගැනීම සදහා අධිකරණ අමාත්‍යවරයා සහ නීතිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ රැස්වීමක් පැවැත්වීමටයි තීරණය වී ඇත්තේ.

2021 වසරේ මෙරට මුහුදු සීමාවේදී අනතුරට පත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඉතිරිවී ඇති කොටස් ආසන්නයට ගොස්, හානිපූර්ණය ගණනය කිරීම සදහා සාම්පල ලබා ගැනීමට, අදාළ විද්වත් පර්යේෂණ කමිටුවට අවශ්‍ය පහසුකම් සම්පාදනය කර දෙන ලෙස පරිසරය පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති අජිත් මාන්නප්පෙරුම මහතා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට (මීපා) සහ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයට (නාරා) දැනුම් දෙනු ලැබුවා.

පරිසරය පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම කාරක සභා රැස්වීමට විපක්ෂ නායක, අධිකරණ ඇමති ද එක්ව සිටියා.

එසේම එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ රක්ෂණ සමාගමේ නියෝජිතයන්ද (P & I Club), පරිසර ඇතුළු හානිය තක්සේරු කිරීම සදහා පත්කළ විද්වත් කමිටු සාමාජිකයන්, නීතිපති දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය, ධීවර අමාත්‍යාංශය යන ආයතනවල නිලධාරීහු ද පරිසරවේදීහු පිරිසක් ද මෙම අවස්ථාවට කැඳවා තිබුණා.

පරිසර හා අනෙකුත් හානි පූර්ණය ගණනය සදහා පත්කළ විද්වත් කමිටු සාමාජිකයන් මෙහිදී පෙන්වා දුන්නේ නැව අසලටම හෝ නැව තුළට යාම නොහැකිවීමෙන් පරිසර හානිය තක්සේරු කිරීමට යම් බාධාවන් ඇති වූ බවයි.

අනතුරු බව පෙන්වා දෙමින් නැව අසලට යාම වැළැක්වූව ද ඒ සදහා නාවික හා ගුවන් හමුදාවල සහය ලබාගෙන පහසුකම් සැලසීමට කටයුතු කළ යුතුව තිබූ බවයි විද්වත් කමිටු සාමාජිකයන පෙන්වා දෙනු ලැබුවේ.

මේ අනුව නැව ආසන්නයෙන්ම මෙම සාම්පල ලබා ගැනීමට නොහැකිවීම වන්දි ඉල්ලා පවරන නඩුවේදී අවාසි සහගතවීමට ඉඩ ඇති බැවින් මෙම කටයුතු කඩිනමින් සලසන ලෙස කමිටු සභාපතිවරයා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට (මීපා) සහ නාරා ආයතනයට උපදෙස් දී තිබෙනවා.

අදාළ නෞකාවට එරෙහිව නඩු පැවරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරුණා.

නඩු පැවරීම සදහා තවදුරටත් ඉතිරිව ඇත්තේ දින 45 ක කාලයක් පමණක් වන අතර මේ වන විට කැබිනට් අනුමතිය හිමිවී ඇති පරිදි නඩු පැවරීම සිංගප්පූරුවේ සිදු කිරී‍ම අවාසි සහගත බවටත් මෙහිදී පරිසරවේදීන් ඇතුළු නීතීඥවරු පිරිසක් කරුණු දක්වා තිබෙනවා.

මේවන විට අනතුරට අදාළව ඩොලර් බිලියන 6.2 ක වන්දි මුදලක් ලබා ගැනීමට අදාළ විද්වත් කමිටු වාර්තාව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකොට ඇති බවත්, නඩුපැවරීම නීතිපති දෙපාර්තමේන්තුවෙන් සිදුකළ යුතු බවත් මෙහිදී සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ අසේල රැකව මහතා ප්‍රකාශ කළා.

මේ අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් පවසා සිටියේ එම වාර්තාව ඇසුරින් අදාළ වන්දි මුදල් ලබා ගැනීම සදහා නඩු පැවරීමේ කටයුතු කඩිනමින් සිදුකරන බවයි.

මේඅනුව නඩු පැවරීම පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සදහා අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ රැස්වීමක් පැවැත්වීමටත්, නීතිපතිවරයා ඇතුළු අදාළ නීතිඥවරුන් මේ සදහා සහභාගී වීමටත් මෙහිදී තීරණය වී තිබෙනවා.

එසේම මෙම සිද්ධියට අදාළ වන්දි අයකරගැනීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය සමාලෝචනය සදහා අදාළ පාර්ශ්ව සමග පරිසර කටයුතු පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව නැවතත් අප්‍රේල් 25 වැනිදා රැස්වීමටත් මෙහිදී තීරණය කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මල්වාන නිවස ඇතුලේ නවතම තත්ත්වය
01:29
Video thumbnail
රටම ප්‍රසිද්ධ බැංකුවක සිද්ධවුණු කැත වැඩේ - නිලධාරීන්ටත් වැඩ වැරදියි
04:11
Video thumbnail
මල්වාන නිවසේ ළිපගිනි දැල්වෙයි - රැය පහන් කරන්න සූදානම්
01:11
Video thumbnail
මේ මල්වාන නිවාස විතරක් නෙමෙයි - අනිත් ගෙවල් ටිකත් අපිට ඕනේ
06:38
Video thumbnail
මට ආණ්ඩුවත් එක්ක ඩීල් නෑ - මම කියන දේ අහන්න IMF කැමති නෑ
09:17
Video thumbnail
අහිංසකයෙකුට කකුලක් දීපු සජිත් ප්‍රේමදාස
01:18
Video thumbnail
ලාල් කාන්තට පිස්සු - සජිත් ඉස්සරහා ගොවියා ආණ්ඩුව රිදෙන්නම දෙයි
06:51
Video thumbnail
තෙල් මිල ආයේ වැඩිවෙන්නේ නෑ
06:01
Video thumbnail
බැසිල්ගේ කියන නිවසට කඩා පැන්න අන්තරේ සෙට් එක එතනම පදිංචි වෙයි
01:22
Video thumbnail
විශ්‍රාම දිවියට ගිය අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පළමු වරට හෙළිකරපු දේ..මට මාර විරුද්ධත්වයක් තිබ්බේ
12:55