එක්ස්ප්‍රස් පර්ල් ගින්න ගැන මානව හිමිකම් කොමිසමේ නිර්දේශ ළඟදීම

ශ්‍රී ලංකාව ආසන්න මුහුදේදී අනතුරට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සිදු කළ පරීක්ෂණයේ නිර්දේශ ජුලි මාසයේ මුල් සතිය තුළ නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

2021 වසරේදීයි මෙම නෞකාව අනතුරට ලක්වූයේ.

එම අනතුර හේතුවෙන් සිදුවී ඇති අයිතිවාසිකම් උල්ලංඝණයන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මගින් සිදු කරනු ලබනවා.

එම පරීක්ෂණයේ පැමිණිලිකාර පාර්ශවයන් ලෙස ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය සහ පරිසර යුක්ති කේන්ද්‍රයයි කටයුතු කරනු ලබන්නේ.

එහිදී මෙම සිදුවීම හා සම්බන්ධයෙන් වගකීම් දරණ නියාමන බලතල, හිමිකම් කියූ සහ යම් ආකාරයකින් සම්බන්ධයක් පවතින සියලු ආයතන වෙතින් ප්‍රකාශ සටහන් කරගත් බවයි මානව හිමිකම් කොමිසම කියාසිටියේ.

ඒ අනුව මෙම පරීක්ෂණයට අදාළව මූලික විමර්ශන කටයුතු මේවන විට අවසන් කර තිබෙනවා.

මෙම පැමිණිල්ලට අදාළව නිර්දේශයන් එළඹෙන ජුලි මාසයේ මුල් සතිය තුළ නිකුත් කිරීමට කටයුතු කරන බව එම කොමිසම සඳහන් කළා.

SLHRC


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපරාධ සහ රිය අනතුරු අවම කරන්න වැල්ලවායේ පොලිසිය ත්‍රීරෝද රථවල ස්ටිකර් අලවයි
01:18
Video thumbnail
දුම්රිය වැඩවර්ජනය සාර්ථකයි - දුම්රිය පද්ධතිය අඩාලවෙලා..විෂයභාර ඇමති පම්පෝරි ගහනවා
08:21
Video thumbnail
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයට එරෙහිව පැමිණිල්ලක් - විශාල මූල්‍ය අලාභයක් කරලා..පාඩුව තෙගුණ වෙනවා
04:51
Video thumbnail
අනුර එදා වමට සිග්නල් දාල දකුණෙත් එහාට ගිහින් - සමාජවාදය ෆේල් - ධනය උපයන්න බෑ
07:23
Video thumbnail
සජබයත් - එජාපයත් එකට එකතු වෙනවා..අපි දකුණටත්, වමටත් නෙවෙයි - JRගේ මැද මාවතේ
05:26
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් අධිකරණයෙන් එළියට ආ හැටි - අධිකරණය අසළ උණුසුම්
01:53
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00