එක්සත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් සියලු භේද පසෙකලා අත්වැල් බැඳ ගනිමු – ජනපති

සියලු පුරවැසියන් සහයෝගයෙන් ජීවත්වන එක්සත් ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට සියලු භේද පසෙකලා 75 වන නිදහස් සංවත්සරය සමඟ සියලුදෙනා අත්වැල් බැඳගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඊයේ (03) පස්වරුවේ කොළඹ ෂැන්ග්‍රිලා හෝටල් පරිශ්‍රයේ දී නීති වෘත්තිකයින් විසින් සංවිධානය කර තිබූ උත්සවය අමතමින් ජනාධිතිවරවයා මේ බව සඳහන් කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වෘත්තීය නීතිඥ දිවියට වසර 50ක් සපිරීම නිමිත්තෙන් මෙම සැමරුම් උත්සවය සංවිධානය කර තිබුණා.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළේ ඒකීය සහ එක්සත් භාවය බිඳ දමන ශ්‍රී ලංකාවේ ජනවාර්ගික හා ආගමික ගැටළුවලට එක්සත්ව විසඳුම් ලබාදීමේ නව වැඩපිළිවෙළක ඇරඹුම 75 වන නිදහස් සැමරුමේ දී සනිටුහන් කළ යුතු බවයි.

පාර්ලිමේන්තුවේ දී සාකච්ඡා කළ පරිදි සියලු දෙනාගේ සහාය ඊට හිමිවුවහොත් එය අසීරු කටයුත්තක් නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දේශපාලඥයින්ට පමණක් එය තනිව ඉටුකළ නොහැකි බවත්, නීතිඥයින් ඇතුළු වෘත්තිකයින්ගේ සහාය ඊට හිමිවිය යුතු බවත් සඳහන් කළා.

රට මුහුණ පා ඇති ආර්ථික අභියෝගයන්ට අමතරව, සමස්ත ක්‍රමවේදය පිළිබඳව ජනතාවගේ ප්‍රශ්න කිරීම විශාල අභියෝගයක් බව පැවසූ ජනාධිපතිවරයා ජනතාව භුක්ති විඳින නිදහස තහවුරු කරන ව්‍යවස්ථාවක් සකස් කිරීම මෙන්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාපිත පාලනයකට එම නව වැඩපිළිවෙළ මඟින් ඉඩ සැළසෙනු ඇති බවට ද විශ්වාසය පළ කළා.

අතීතයේ සිදු වූ තුවාල ඔඩු දිවීමට ඉඩ නොතබා ඊට කඩිනම් විසඳුම් ලබාදීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්තරන් පොරවාගෙන නාමල්ව බලන්න උසාවියට ආපු හිටපු බස්නායක නිලමේ
01:13
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ඇදහැළුණු වැස්සත් එක්ක බණ්ඩාරවෙල නගරය යටවෙයි
00:42
Video thumbnail
කාන්තාවකට ජීවිතය අහිමි කළ අකුණු සැ# - කරේ තිබ්බ මාලෙට වැදිලා තියෙන්නේ
02:26
Video thumbnail
ඔයාලා පාර්ලිමේන්තුවට යනකොට ගඳක් එනවා නේද..?
01:52
Video thumbnail
ඉදිරි මාස 03ට ඩීසල් සදහා ඩීසල් සදහා ඉන්ධන සහනාධාරයක්
01:28
Video thumbnail
2029ට පෙර මේ ආණ්ඩුව පෙරළන්න බෑ
02:39
Video thumbnail
රත්මලාන කොතලාවලපුර ශ්‍රී විජිතාරාම විහාරස්ථානයට ගිය සජිත් ප්‍රේමදාස
07:01
Video thumbnail
රටට අවශ්‍ය ප්‍රදර්ශන බෞද්ධකම නොව ප්‍රායෝගික බෞද්ධකමයි
05:36
Video thumbnail
ජනාධිපතිගේ වැඩ දරාගන්න බැරුව හිතේ අමාරුවට කතා කියනවා
02:22