එක්සත් රාජධානිය ශ්‍රී ලංකාව සඳහා වන සංචාරක උපදේශනය අලුත් කරයි

ශ්‍රී ලංකාව ලබාගෙන ඇති වත්මන් ආර්ථික ප්‍රගතිය හේතුවෙන් එක්සත් රාජධානිය විසින් සිය පුරවැසියන් සඳහා නිකුත් කර තිබූ ශ්‍රී ලංකාව සඳහා වන සංචාරක උපදේශනය (Travel Advisory) යාවත්කාලීන කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ඊයේ (05) දින සිට එක්සත් රාජධානිය විසින් මෙම යාවත්කාලීන කිරීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

හදිසි වෛද්‍ය සේවාවන් ලබාගැනීම, රට තුළට ඇතුලුවීමේදී ආරක්ෂාව සම්බන්ධයෙන් පැවතිය යුතු අවශ්‍යතා, මාර්ගවල ගමන් කිරීමේදී පවතින ආරක්ෂාව, රට තුළ පවතින ආරක්ෂක තත්ත්වය සහ සෞඛ්‍ය පහසුකම් ලබාගැනීම ආදී අංශයන්හි පෙර පැවති තොරතුරු යාවත්කාලීන කිරීම මෙමගින් සිදුකර ඇති බව සදහන්.

ඒ අනුව ආහාර, ඉන්ධන සහ ඖෂධ හිඟය පිළිබඳව පසුගිය උපදේශනය තුළ අඩංගු කර තිබූ කරුණු යාවත්කාලීන කරන ලද මෙම සංචාරක උපදේශනයෙන් ඉවත් කර ඇති අතර වෛද්‍ය උපකරණ හිඟය වැනි සෞඛ්‍ය සේවාවල සීමාවන් පිළිබඳ දක්වා තිබූ අවදානම ද ඉවත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව විසින් වර්තමානයේ අත්කර ගෙන ඇති ප්‍රගතිය පිළිබඳ සංචාරකයින් තුළ පැහැදිලි අවබෝධයක් ඇති කිරීම සඳහා පෙර සංචාරක උපදේශනය මඟින් දක්වා ඇති මෙම අහිතකර තොරතුරු ඉවත් කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරමින් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් බ්‍රිතාන්‍ය බලධාරීන් වෙත විටින් විට කරුණු ඉදිරිපත් කරනු ලැබුවා.

මෙම වසරේ ජනවාරි 01වනදා සිට මාර්තු 27වනදා දක්වා කාලය තුළ එක්සත් රාජධානියේ සිට ශ්‍රී ලංකාවට සංචාරකයින් 53,928 ක් පැමිණ ඇති අතර එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණෙන තුන්වන විශාලතම රට ද වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16