එක්සත් රාජධානියේ සරණාගතභාවය ගැනීමට යාමට තැත් කළ අයෙක් අත්අඩංගුවට

කූඨ ලෙස සකස් කළ ප්‍රංශ සහ ස්පාඤ්ඤ ගමන් බලපත්‍ර යොදා ගෙන ඉන්දියාව ඔස්සේ එක්සත් රාජධානියේ සරණාගතභාවය ලබා ගැනීමට මෙරටින් පලා යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයෙකු ඊයේ (30) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරු 29 හැවිරිදි මුලතිව් ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි දසත ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

ඉන්දීය ගුවන් සේවයේ ගුවන් යානයකින් ඉන්දියාවේ මුම්බායි නුවර වෙත යාමට සූදානම් වුව ද, එම ගුවන් සේවා නිලධාරීන්ට ඇති වූ සැකය මත , මොහු එම ගුවන් යානයෙන් රැගෙන යාම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඉන් අනතුරුව සැකකරු වහාම ක්‍රියාත්මක වී යළිත් ඊයේ දින පස්වරු 05.31 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 143 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ මුම්බායි නුවර වෙත යාමට ගුවන් යානා ප්‍රවේශ පත්‍රයක් මිල දී ගෙන ඇති බවයි පැවසෙන්නේ.

ඔහු සියලුම ගුවන් සේවා නිශ්කාශන කටයුතු නිමා කර විගමන කවුළුව වෙත පැමිණි පසු, ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් සැකකරු පිළිබඳ ඇති වූ සැකය මත, ඔහුගෙන් මෙම ගුවන් ගමන පිළිබද ප්‍රශ්න කිරීම් සිදු කරමින්, ඔහුගේ ගමන් මළු පරීක්ෂා කර තිබෙනවා.

එහිදී ඔහුගේ ගමන් මළු තුළ සෙල්ලම් බඩු අඩංගු පෙට්ටියක් තුළ, ඉතා සූක්ෂ්ම ආකාරයට සඟවා තිබූ, කූඨ ලෙස සකස් කළ ප්‍රංශ සහ ස්පාඤ්ඤ ගමන් බලපත්‍ර දෙකක් සොයා ගැනීමට හැකි වී ඇති බවයි පැවසෙන්නේ.

වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී, තමන් රුපියල් ලක්ෂ 90ක්, දැනටමත් ඉන්දියාවේ මුම්බායි නුවර රැඳී සිටින තැරැව්කරුවෙකුට ගෙවා එක්සත් රාජධානියේ සරණාගතභාවය ලබා ගැනීමට මෙසේ පලා යාමට සැළසුම් කර කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව සැකකරුව වහාම අත්අඩංගුවට ගත් බවත්, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී ඇති බවත් අප ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14