එක්සත් රාජධානියේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා දිවයිනට (ඡායාරූප)

එක්සත් රාජධානියේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් ලැමී එක්දින සංචාරයක් සඳහා අද (17) පෙරවරුවේ දිවයිනට පැමිණියා.

නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සමඟ එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලයේ උසස් නිලධාරීවරුන් 07 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ද පැමිණ තිබෙනවා.

නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් ලැමී ඇතුළු දූත පිරිස අද (17) උදෑසන 09.11ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර් – 664 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔවුන් පිළිගැනීම සඳහා විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියා.

1 1
2 3
5
6
7
6