එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නව නියෝජිත විපක්ෂ නායක හමුවෙයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නව නිත්‍ය නේවාසික නියෝජිත Marc-André Franche මහතා අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමඟ සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

විපක්ෂ නායක කාර්යාලයේදී මෙම හමුව පැවැත්වුණේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව නිත්‍ය නේවාසික නියෝජිතවරයා සිය ධුරයේ වැඩ බාර ගැනීමෙන් අනතුරුවයි.

මෙරට සමාජ ආර්ථික දේශපාලන කරුණ රැසක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර මෙහිදී අදහස් හා කරුණු රැසක් හුවමාරු කර ගැනීම සිදු වී තිබෙනවා.

මෙරට පවතින වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව නිත්‍ය නේවාසික නියෝජිතවරයා දැනුවත් කිරීම සිදු කෙරුණා.

එමෙන්ම වත්මන් රජය විසින් මැතිවරණ කල් දැමීම සහ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමත් සම්බන්ධයෙන් ද දැනුවත් කළ බවයි වාර්තා වන්නේ.